slc
Home   |    News
ඔක්තෝබර් 18, 2021
බංග්ලාදේශයට එරෙහිව ස්කොට්ලන්තය පෙරැළිකාර ජයක් ලබයි

Sri Lanka Cricket

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති දෙවැනි තරගය බවට පත්වූ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයට අතර තරගයේදී ශ්‍රේණිගත කිරීම්හි ඔවුනට වඩා ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට එරෙහිව ලකුණු හයක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු පෙරැළිකාර ජය වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය. 

ස්කොට්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 140ට පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත්තේ ලකුණු 134කි.

බංග්ලාදේශය ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායද්දී ඔවුනට කිසිම අවස්ථාවක හෝ තමන් අභිබවා යාමට කිසිදු අවස්ථාවක් නොදීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයේ ක්‍රියා කිරීම මෙහිදී කැපීපෙනිණි. බංග්ලාදේශය මේ තරගයේ ප්‍රබල තත්ත්වයක සිටියේ ඔවුන් වරක් ස්කොට්ලන්තය ලකුණු 53කට කඩුලු හයක් දවාලු අවස්ථවේ පමණි.

ස්කොට්ලන්ත පන්දු යවන්නන් අතුරින් කැපීපෙනුණු බ්‍රැඩ්වේල් ලකුණු 24කට කඩුලු තුනක් දවාලූවේය. බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් මුෂ්ෆිකර් රහීම් ලකුණු 38ක්ද (පන්දු 36යි හතරේ පහරයි හයේ දෙකයි) ෂකිබ් අල්හසන් ලකුණු 20ක්ද (පන්දු 28යි හතරේ පහරයි) අසිෆ් හොසේන් ලකුණු 18ක්ද (පන්දු 12යි හතරේ 2යි) සහ මහ්මදුල්ල (23යි) ලකුණු අතර සිටියත් ඔවුනට ජයග්‍රාහී ඉලක්කය අසළට යාමට අවස්ථාව නොලැබිණි.

බංග්ලාදේශය මේ තරගයේදී කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ස්කොට්ලන්තයට පැවරීමටය. ඔවුන්ගේ තීරණය සාර්ථක බවත් පෙන්නුම් කළේ පන්දු වාර 11.3ක් වන විට ලකුණු 53කට ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකුම දැවීයාමෙනි.

හත්වන කඩුල්ලට ක්‍රිස්ග්‍රීට්ස් (ලකුණු 45යි පන්දු 28යි හතරේ හතරයි හයේ දෙකයි) සහ මාර්ක් වොට් (ලකුණු 22යි පන්දු 17යි හතරේ දෙකයි) හත්වන කඩුල්ලට පන්දුවාර 6.4කදී ලකුණු 51ක් රැස්කළේ අසීරුම අඩියකින් තම කණ්ඩායම ගොඩගනිමිනි.

මීට අමතරව ආරම්භක පිතිකරු ජෝර්ජ් මුන්සේ පන්දු 23කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ ලකුණු 29ක්ද මැතිව් ක්‍රොස් පන්දු 17කදී හතරේ පහරක් සමඟ ලකුණු 11ක් ද ලබා ගත්හ.

ස්කොට්ලන්තය ලකුණු 53කට කඩුලු හයක් දැවීයාමට මෙහෙදි හසන්ගේ දක්ෂ පන්දු යැවීම බෙහෙවින් ඉවහල්විණි. මෙහිදී හසන් ලකුණු 19කට කඩුලු තුනක්ද ෂකිබ් අල් හසන් ලකුණු 17කට කඩුලු 2ක්ද දවාලමින් පන්දු යැවීමේදී කැපීපෙනිණි.

ස්කොට්ලන්තය පන්දු වාර 20කදී කඩුලු 9කට 140යි(ක්‍රිස් ග්‍රිව්ස් 45, ජෝර්ජ් මුන්සේ 29, මැතිව් ක්‍රොස් 11, මෙහෙදි හසන් 19/3, ෂකිබ් අල්හසන් 17/2, මුෂ්තාෆිෂුර් රහ්මන් 32/2යි)

බංග්ලාදේශය පන්දු වාර 20කදී කඩුලු 7කට 134  – (මුෂ්ෆිකර් රහිම් 38, ෂකිම් අල්හසන් 20, මහ්මදුල්ලා 23, අෆිෆ් හොසේන් 18, මෙහෙදි හසන් නොදැවී 13, බ්‍රැඩ්වීල් 24/3 ක්‍රිස් ග්‍රීව්ස් 19/2යි) 

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest