slc
Home   |    News
ඔක්තෝබර් 3, 2021
මහේල අයියා අපිට ලොකු හයියක් – දසුන් ශානක

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඔක්තෝම්බර් 03 වැනිදා පිටත්ව යෑමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග 2 ඔක්තෝබර් 07 සහ 09 යන දෙදිනදී පැවැත්වෙනු ඇත. තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේදී පළ කරන ලද අදහස් පහත පරිදි වේ.  

ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ මානසිකත්වය

ඇත්තටම දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පස්සේ අපි පුහුණුවීම් පොඩ්ඩක් කළින් පටන් ගත්තා. ඒ දින 9 දී අපි පුහුණු තරග කීපයකට ක්‍රීඩා කළා. කණ්ඩායමක් විදියට ආයේ එකතු වෙලා ඉන්නවා. පුහුණු තරග හොඳින් ක්‍රීඩා කරමින් හොඳ සූදානමක පසුවෙනවා.

ඕමාන් කණ්ඩායම පිළිබඳ අදහස

මම හිතන විදියට මෑත කාලයේදී අපි ඔවුන් සමඟ ක්‍රීඩා කරලා නෑ. නමුත් එයාලගේ විස්සයි-20 තරගවලට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා අපි දන්නවා. විශේෂයෙන් ආරම්භක පිතිකරුවන් දෙන්නා හොඳට පන්දුවට පහර දෙන දෙන්නෙක්. අපි ඇනලයිස් කරපු දේවල් තමයි දන්නේ ඔවුන්ගේ. ගොඩක් වීඩියෝස් එහෙම බලලා තියෙනවා. එයාලගේ පිතිකරුවන් කොහොමද..? පන්දු යවන්නෝ කොහොමද හසුරුවන්නේ…? කියන එක ගැන යම්තාක් දුරටකට ඕමාන් කණ්ඩායම ගැන අවබෝධයක් තියෙනවා.

ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන එක්සත් අරාබි එමීර්හි තණතීරු පිළිබඳ

ඇත්තටම අයි.පී.එල්. තරග ඔක්කොම වගේ මම බැලුවා. මට හිතෙනවා එයාලා තණකොල තියලා තමයි විකට් හදලා තිබ්බේ. මම හිතනවා පිතිකරුවන්ට යෝග්‍ය විදියට ලෝක කුසලාන තරගාවලියේදීත් හැසිරෙයි කියලා. සාජාවල විතරක් පොඩ්ඩක් විකට් එකේ පන්දුව එන්නේ නැති ගතියක් තිබ්බේ. අපේ දෙන්නෙක්  (වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර) අයි.පී.එල්. එකෙත් ඉන්න නිසා අපිට ඇත්තටම හොඳ අවබෝධයක් ලබා ගන්න ලේසියි කියලා විශ්වාස කරනවා. කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා සැලසුම් ටික හදාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම කියන්න ඕන පින්නත් තියෙනවා.ඒ ගැනත් අවබෝධයක් තියෙනවා මේ වෙද්දී.

මහේල ජයවර්ධනගේ සේවය හිමිවීම ගැන

ඇත්තටම මහේල අයියා වගේ කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා කියන්නේ කණ්ඩායමට ලොකු හයියක්. පුහුණුකරුවකු විදියට එයාට තියෙන අත්දැකීම් ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට නෑ. එයා අයි.පී.එල්. එකෙත්ඉන්න එක අපිට ගොඩක් වාසියක්. මහේල අයියාගෙන් ගොඩක් ලොකු වාසියක් ලබාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

ඕමාන් තරග වල අපේක්ෂාවන්

ඒ තරග දෙකෙන් පිතිකරුවන්ගෙන් උපරිමය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි පන්දු යවන්නන්ට හොඳ ලකුණු පුවරුවක් හදලා දුන්නොතින් අපිට ගොඩක් වාසි සහගත වේවි ලෝක කුසලානයකට යද්දී. අපේ පිතිකරුවන්ට මේ තරග දෙකෙන් උපරිම දෙයක් ලබාගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.

ළහිරු මදුශංක වෙනුවට කණ්ඩායමට ආදේශක ක්‍රීඩකයා

ළහිරු මදුශංකගේ ස්ථානයට එකතු කරන්නේ කවුද කියන එක තාම ඒක තීරණය කරලා නෑ, තේරීම් කමිටුව ඒක සාකච්ඡා මට්ටමේ පවතිනවා. ඕමාන් තරග දෙකට කළින් තීරණය කරයි කියලා මම හිතනවා.

චාමික කරුණාරත්නගේ සේවය

අපි එයාව පන්දු යවන්නකු විදියට පාවිච්චි කරනවා. කළින් තරගාවලි ඔක්කොම දඟ පන්දු යවන්නන්ට සහාය දෙන විකට් වල ගහපු නිසා තමයි ඒ අවස්ථාව ලබා දෙන්න නොහැකි වුණේ. ඉතිං ඉදිරියේදී ඒ විදියට අපි එයාව හරි විදියට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ප්‍රතිවාදීන් ගැන අදහස

මම කළින් කිව්වේ දන්නේ නෑ කියලා නොවෙයි කිව්වේ. අවබෝධයක් ලබාගෙන තියෙනවා කියලයි. අපිට ලබාගන්න පුලුවන් ඇනලයිසර්ගෙන් ලබාගත්ත දත්ත තමයි. ඊට අමතරව යූ ටියුබ් එකේ තියෙන වීඩියෝස් වලින් තමයි අපිට බලාගන්න පුලුවන් ඔවුන්ගේ ක්‍රීඩකයින් ගැන. ඉතිං ඒක අඩුපාඩුවක් නොවෙයි. මොකද ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන විදිය අපි දැකලා තියෙනවා. එයාලට අපේ ක්‍රීඩකයින් හොඳින් පන්දු යවන විදිය ඔයාලා දැකලා තියෙනවා. මම කියන්නේ මේක ඇවිල්ලා අඩුපාඩුවක් නොවෙයි. අපි ඇනලයිස් කරලා ඒ විදියට පන්දු යවලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගිවන ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටීම කණ්ඩායමේ මානසිකත්වයට තියෙන බලපෑම  

මම හිත්නනේ එයාලා ශ්‍රේණිගත කිරීම් වල උඩට ඇවිල්ලා තියෙන්නේ ටෙස්ට් තත්ත්වය අහිමි රටවල් සමඟ ක්‍රීඩා කරලා. මම හිතන්නේ නෑ ඔවුන්  හොඳ රටවල් එක්ක  ක්‍රීඩා කරලා ඇති කියලා. ශ්‍රේණිගත කිරීම්වල උඩින් ඉන්න එක ප්‍රශ්නයක් නෑ. මොකද එදා දවසට ඒ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳට කරනවා නම් ජයග්‍රහණය කරන එක අපේ පැත්තට තියෙන්නේ. ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම හොඳට තියෙනවා. හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

ලෝක කුසලානයට යන නායකයා විදියට ප්‍රේක්ෂකයින්ට ලබා දෙන පණිවිඩය

මෑත කාලයේ ගත්තොතින් ප්‍රේක්ෂකයින් අතර ලොකු පිබිදීමක් තියෙනවා. ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් ගොඩක් හොඳ ආකල්ප ලබා දීලා තිබ්බා. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග 3 අපිට හොඳට කරගන්න බැරි වුණා. නමුත් ඔවුන් අපිව දිරිමත් කළා. ඒ වගේම තරගාවලියට දිරිමත් ඉදිරිපත් වීම සම්බන්ධව නායකයා විදියට මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදී ලැබෙන තරගාවලිවලදීත් ඔවුන් අපිව දිරිමත් කරයි කියලා ලාපොරොත්තු වෙනවා.

කමිඳු මෙන්ඩිස් සහ භානුක ලකුණු අතරට නොපැමිණීම

ඔවුන් ලකුණු අතර හිටියේ නෑ කියන්න අමාරුයි. මොකද කමිඳු මෙන්ඩිස් දකුණු අප්‍රිකානු තරගාවලියට එද්දී දේශීය තරගාවලිය හොඳටම සෙල්ලම් කරලා ආවේ. ඒ ක්‍රීඩකයා ලංකාවේ හොඳටම ක්‍රීඩා කරපු නිසා තමයි එයා දකුණ අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළේ. භානුක රාජපක්ෂ ගත්තොත් ඔහුගේ ඇඟිල්ලේ පොඩි ආබාධයක් තිබුණා. ඒක හින්දා 100% ක් සුවය ලබා තිබ්බේ නෑ. භානුකව ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුණා හොඳට ක්‍රීඩා කරයි කියලා. නායකයා විදියට මාත් බලාපොරොත්තු වුණා. භානුක මේ තරගාවලියේදී අනිවාර්යයෙන්ම කණ්ඩායම වෙනුවෙන් ඉදිරියට එයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කමිඳුත් තරුණ ක්‍රීඩකයෝත් සහ සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයිනුත් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest