slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2021
ශ්‍රී ලංකාව කළු පටි පැළඳ ක්‍රීඩා කරයි

sinhala editor

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගය වන නැමීබියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරා ගනු ලැබීය. අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී  රාත්‍රී කාලයේ ඇතිවිය හැකි පිණී තත්ත්වය පිළිබඳව සලකා බලමින් ශ්‍රී ලංකාව මෙම තීරණයට එළැඹ තිබේ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින නැමීබියා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ අවසන් වරට සහභාගිව සිටින විස්සයි-20 තරග 22 න් 18 ක්ම ජයගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට උප නායක ධනංජය ද සිල්වාව රහිතව අවතීර්ණව සිටියි. පූර්ණ සුවය ලබා සිටින කුසල් පෙරේරා පැතුම් නිස්සංක සමඟ ඉනිම ආරම්භ කරන අතර දිනේෂ් චන්දිමාල් අංක 3 පිතිකරුවා ලෙස පිටියටා පිවිසීමට සූදානමින් සිටියි. දුෂ්මන්ත චමීරගේ සහායට ළහිරු කුමාරවද කැඳවමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට සහභාගිව සිටියි.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී කළු අත්පටි බැඳ ක්‍රීඩා කරන අතරම තරගයට පෙර ඒ මහතාට ශෝකය පළ කිරීම වෙනුවෙන් විනාඩි 2 ක නිශ්ශබ්දතාවක්ද දෙපිළේ ක්‍රීඩකයින් විසින් පවත්වනු ලැබීය. මීට අමතරව අද පස්වරුවේ නිමාවට පත් ශ්‍රී ලංකා යොවුන් පිල සහ බංග්ලාදේශ යොවුන් පිල අතර රංගිරි දඹුලු පිටියේ පැවැති තරගයේදීද යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයෝ කළු අත්පටි පැළඳ ක්‍රීඩා කළහ.

නැමීබියාව – ස්ටීවන් බාඩ්, සැන් ග්‍රීන්, ක්‍රෙග් විලියම්ස්, ගෙහාර්ඩ් එරස්මස්(නායක), ඩේවිඩ් වීස්, පිකියා ෆ්‍රාන්ස්. ජේ. ජේ. ස්මිත්, ජැන් ෆ්‍රයිලින්ක්, ජැන් නිකොල්, රුබෙන් ටෘපල්මන්, බර්නාර්ඩ් ෂූල්ට්ස්.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee