slc
Home   |    News
ඔක්තෝබර් 10, 2021
LPL දෙවැනි අදියරට ක්‍රිස් ගේල් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක්

sinhala editor

පළමු තරගාවලියේදීම අතිශය ජනප්‍රියත්වයට පත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැන්නට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් විස්සයි-20 තරග අංශයේ ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචිව සිටිති. විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ කෙරුණු අතර ඔක්තෝම්බර් 07 වැනිදායින් අවසන් විය.

එම ක්‍රීඩකයින් අතරට විස්සයි-20 තරග කලාවේ දැවැන්තම චරිතයක් වන බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි අංක 1 පිතිකරුවා බවට පත්ව සිටින එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන්ද සහ දකුණු අප්‍රිකානු පිලේ සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස්ද වෙති.

ඊට අමතරව ඇන්ඩ්‍රෙ රසල්, පාකිස්තානයේ සුපිරි පිතිකරු ෆකාර් සමාන්, ශහිඩ් අෆ්රිඩි, ඔස්ට්‍රේලියාවේ ජේම්ස් ෆෝල්ක්නර්, එංගලන්තයේ ලුක් රයිට්,  ලියම් ප්ලන්කට්, ස්ටීවන් ෆින්, අදිල් රශීඩ්, බංග්ලාදේශයේ මහමුදුල්ලා, දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩ්වයින් ස්මිත්, නවසීලන්තයෙන් මිචෙල් මැක්ලෙන්හම් සහ සිම්බාබ්වේ සිකන්දර් රාසා යන ක්‍රීඩකයෝ දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචිව ක්‍රීඩකයින් අතර පසුවෙති.

කලක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ පතන් දෙසොහොයුරන්ගෙන් ගිය වසරේ කැන්ඩි ටස්කර්ස් පිල නියෝජනය කරන ලද ඉර්ෆාන් පතන්ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත්වීමේ සූදානම් පසුවේ. ඔහුගේ සොහොයුරු යුසුෆ් පතන්ද මෙවර තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචිව සිටියි.

දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් විවිධ රටවල ක්‍රීඩකයින් 699 අයැදුම් පත් යොමු කර තිබේ. ඒ අතරින් ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම් පත් කිරීම (Player draft)  සඳහා ඉන් 225 ක් නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබේ.

LPL. තරගාවලියේදී කණ්ඩායමකට තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 6 ක් වන අතර තරගයකට උපරිමය ක්‍රීඩා කළ හැක්කේ සිව් දෙනෙකුට පමණි. ඒ අනුව LPL. දෙවැනි තරගාවලියේ දෙවැන්න නියෝජනය කිරීමට වරම් හිමිවන්නේ ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලද පළමු LPL තරගාවලිය තරග 23 කින් සමන්විත වූ නමුත් මෙවර තරගාවලියේදී දෙවැනි වටය වන කඩ ඉම් වටය සඳහා එලිමිනේටර් (Eliminator) තරගයක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම හේතුවෙන් සමස්ථ තරග සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවර තරගාවලියට සහභාගිවීම සඳහා ලියාපදිංචිව සිටින ප්‍රධාන ක්‍රීඩකයින් මෙසේය.

සිම්බාබ්වේ – සිකන්දර් රාසා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්. 

බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වයින් ස්මිත්, දිනේෂ් රාම්ඩීන්, රොස්ටන් චේස්, ජොන්සන් චාල්ස්, කෙමා රෝච්, ෂායි හෝප්, කිරන් පවෙල්, රඛීම් කෝන්වෙල්, ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ජොන්සන් චාල්ස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ෆේබියන් ඇලන්, චැඩ්වික් වෝල්ටන්, ඇන්ඩ්‍රෙ රසල්, ලෙන්ඩ්ල් සීමන්ස්, ජෙරම් ටේලර්, කාලෝස් බ්‍රැත්වේට්, ශිම්රන් හෙට්මේයර්, අල්සාරි ජෝෂප්.

බංග්ලාදේශය – මෙහෙඩි හසන්, සොහාග් ගාසි, ශෆියුල් ස්ලාම්, අෆීෆ් හොසේන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කේස්, එබොදත් හොසේන්, මහමුදුල්ලා.

පාකිස්තානය – අන්වර් අලී, මොහොමඩ් හෆීස්, ෆකාර් සමාන්, මොහොමඩ් ඉර්ෆාන්, අහමඩ් ෂේසාඩ්, සොහෙල් ටන්වීර්, ඉමාම් උල් හක්, උමර් අක්මාල්, කම්රන් අක්මාල්, ශෆ්‍රාස් අහමඩ්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි, හැරිස් සොහෙල්, ශහිඩ් අෆ්රිඩි, ෂොයෙබ් මලික්, මොහොමඩ් අමීර්, හසන් අලී, වහාබ් රියාස්. 

දකුණු අප්‍රිකාව – බියෝන් ෆෝර්ටේන්, රිචර්ඩ් ලෙවී, වේන් පානෙල්, ඩ්වේන් ඔලිවර්, ඉම්රාන් තහීර්, ෆෆ් ඩු ප්ලෙසිස්, රාසි වැන්ඩර් ඩසන්, මෝර්න් මෝකල්. 

ඉන්දියාව – යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන්, විනේ කුමාර්.

ඔස්ට්‍රේලියාව – ජේම්ස් ෆෝල්ක්නර්, ක්‍රිස් ලින්.

එංගලන්තය – ලොරී එවන්ස්,  ලුක් රයිට්, ලියම් ප්ලන්කට්, ඩෑන් ලෝරන්ස්, සමිත් පටෙල්, ස්ටීව් ෆින්, ඩේවිඩ් මාලන්, අදිල් රශීඩ්, සෑම් බිලිංග්ස්, ඔලී රොබින්සන්, රවී බොපාරා.

නවසීලන්තය – මිචෙල් මැක්ලෙන්හම්, නීල් බෲම්.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest