slc
Home   |    News
නොවැම්බර් 13, 2021
චරිත් අසලංකට ‘ටෙස්ට්’ පරීක්ෂණයක්

sinhala editor

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි සිව්දින පුහුණු තරගය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංකව පත් කර තිබේ.

අසලංකගේ නායකත්වයෙන් යුතු ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටියි. ඒ  අතරට ටෙස්ට් වරම් දිනූ සාමාජිකයින් 11 දෙනෙකු කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් වරම් දිනා සිව්දින පුහුණු තරගයට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබා සිටින ක්‍රීඩකයෝ වෙති.

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති අසලංකටත් ටෙස්ට් වරම් දිනා ගැනීමට හොඳම අවස්ථාවක් බවට මෙම තරගය පත්ව සිටියි. පිතිකරුවකු ලෙසින් දිගින් දිගටම ලබා සිටින සාර්ථකත්වය මෙම තරග අංශයේද පවත්වා ගැනීමට අසලංක සමත් වුවහොත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මෙම මස 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට අසලංකට හොඳ අවස්ථාවක් උදාවී තිබේ.

ඔහුට අමතරව පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති සිව්දින තරගාවලියේ තරග 2 දීම ලකුණු 98 බැගින් රැස් කිරීමට සමත් වුණු කමිල් මිශාරද ඇතුළත්ව සිටියි. ඔහුට අමතරව පාකිස්තානයට එරෙහි දෙවැනි තරගයේදී කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරවද එක්කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ආරම්භ වන සිව්දින පුහුණු තරගය මෙම නොවැම්බර් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.  

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කමිල් මිශාර, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest