slc
Home   |    News
නොවැම්බර් 22, 2021
තීක්ෂිල ද සිල්වා මේජර් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මෙවර ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා ඉරිදා (21) සමත්විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පොලීසිය සමඟ පැවැති මේ තරගයේදී තීක්ෂිල පන්දු 65කට පමණක් මුහුණදී හතරේ පහර හයක් හයේ පහර අටක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා ගනිමින් මේ දක්ෂතාවය දැක්වීය. මේ තරගයෙන් මේරියන්ස් ලකුණු 54ක ජයක් අත්කර ගත්තේය.

මීට අමතරව පැවැති සෙසු තරග අතුරින් යුද හමුදාව, කැන්ඩිකස්ටම්, සී.සී.සී, සරසන්ස් සහ නුගේගොඩ කණ්ඩායම් ජයග්‍රහණ ලැබීය.

යුද හමුදාව – නාවික හමුදාව

යුද හමුදාව කඩුලු 7කින් ජයගනී

යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේදී යුද හමුදාවේ අසේල ගුණරත්න පන්දු යැවීමේදී ලකුණු 13කට කඩුලු දෙකක් දවා පසුව පන්දුවට පහර දෙන අවස්ථාවේ පන්දු 72කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 59ක් රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වා යුද හමුදා ජයග්‍රහණයට දායක විය.

යුද හමුදා සිව්වන කඩුල්ලට අසේල ගුණරත්න සහ ලක්ෂාන් එදිරිසිංහ (නොදැවී 59 යි පන්දු 88 යි හතරේ හතරයි ) පන්දුවාර 23.5කදී නොදැවී ලකුණු 110ක සබඳතාවයක් තබා ගත්හ.

නාවික හමුදාව පන්දුවාර  39.5කදී 139 යි – (සුහඟ විජේවර්ධන 23, මධුර මදුශංඛ 23, .තුෂාර මධුශංඛ 20,  අරවින්ද අකුරුගොඩ 15, සෙහඳ සොයිසා 37/5 යි, සීක්කුගේ ප්‍රසන්න 25/2 , අසේල ගුණරත්න 13/2)

යුද හමුදාව පන්දුවාර 31කදී කඩුලු තුනක් දැවී 140 යි – ( අසේල ගුණරත්න නොදැවී 59, ලකුෂාන් එදිරිසිංහ නොදැවී 59, තිසර පෙරේරා 16, පසඳු මධුෂාන් 28 /2)

කැන්ඩි කස්ටම් – බී.ආර්.සී.

කැන්ඩි කස්ටම් කඩුල්ලකින් ජයගනී

බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති මේ තියුණු තරගය අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවූ අතර පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව 21කි. කෙසේ වුවද බී.ආර්.සී කණ්ඩායමේ දුෂාන් හේමන්ත ලකුණු 28කට කඩුලු හයක් දවාලීමට සමත්විය.

ජයග්‍රාහී කැන්ඩි කස්ටම් වෙනුවෙන් රවීන්ද්‍ර කරුණාරත්න පන්දු යැවීමේදීත් ඩෑන් මවුස්ලි සහ චානක විජේසිංහ පන්දුවට පහරදීමේදීත් කැපීපෙනුණි.

බී.ආර්.සී පන්දු වාර 30.4කදී සියල්ල දැවී 101යි – (ඩෑන් මවුස්ලි 21, විනු දුල්සර 16, යුරා නිමාෂ 15, රවීන්ද්‍ර කරුණාරත්න 19/3, සචිත් පෙරේරා 18/2)

කැන්ඩි කස්ටම් පන්දුවාර 36.1කදී කඩුලු 9ට 103යි – (මින්හාජ් ජලිල් 21, චානක විජේසිංහ 18, විශ්ව දීමන්ත 11, දුෂාන් හේමන්ත 28/6, ඩෑන් මවුස්ලි 27/2)

සී.සී.සී – ගුවන් හමුදාව

සී.සී.සී ලකුණු 41කින් ජය ලැබීය.

කටුනායකදී පැවැති මේ තරගයේදී සී.සී.සී නායක අෂාන් ප්‍රියංජන් සහ ලසිත් අබේරත්න සිව්වන කඩුල්ලට පන්දු වාර 14.4කදී ලකුණු 55ක් රැස් කිරීමට සමත්වූහ. වැඩිම ලකුණු ලාභියාවූ ලසිත් අබේරත්න ලකුණු 47ක් ලබාගත්තේ පන්දු 66කට මුහුණදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟිනි. මේ කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර තුන්ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

ගුවන් හමුදාවේ අරවින්ද ප්‍රේමරත්න කඩුලු පහක් දවාලූ අතර කෙමිර විජේනායක අර්ධ ශතකයක් වාර්තා කළේය.

සී.සී.සී පන්දුවාර 50දී 187යි – (ලසිත් අබේරත්න 47, අෂාන් ප්‍රියංජන් 38, රොන් චන්ද්‍රගුප්ත 31, චමිඳු විජේසිංහ 27, මලින්ද පුෂ්පකුමාර 16, අරවින්ද ප්‍රේමරත්න 38/5, මධුශංඛ ප්‍රේමරත්න 44/2)

ගුවන් හමුදාව පන්දුවාර 46.1කදී සියල්ල දැවී 146යි – (කෙමිර විජේනායක 50, මොවින් සුබසිංහ 26, කළණ විජේසිරි 16, දුලංජන මෙන්ඩිස් 14, මාලින්ද පුෂ්පකුමාර 25/3යි, සොනාල් දිනූෂ 17/3යි, අෂාන් ප්‍රියංජන් 28/2යි)

සරසන්ස් – සෙබස්ටියනයිට්ස්

සරසන්ස් කඩුලු 7කින් ජයගනී.

මොරටුවේදී පැවැති මේ තරගයේදී ජයග්‍රාහී සරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන් ලකුණු 51ක් රැස්කළ අතර උදිත් මධුෂාන් ලකුණු 56කට කඩුලු හතරක්ද දවා පන්දු යැවීමේදී දස්කම් පෙන්වීය. ගිම්හාන් ලකුණු 51ක් ලබාගත්තේ හතරේ පහරක් සහ හයේ පහර තුනක් සමඟිනි.

පරාජිත සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ සචිත්‍ර ජයතිලක නොදැවී ලකුණු 61ක් ලැබුවේ පන්දු 32කදී හතරේ හතරක් සහ හයේ හතරක් සමඟය.

සෙබස්ටියනයිට්ස් පන්දු වාර 31.5කදී සියල්ල දැවී 170යි – (සංචිත ජයතිලක 61 නොදැවී, අදීෂ නානායක්කාර 38, මනෝජ් සරත්චන්ද්‍ර 22, උදිත් මධුෂාන් 56/4, අකාෂ් සේනාරත්න 25/2)

සරසන්ස් පන්දුවාර 31කදී කඩුලු 3ට 171යි – (සිතාර ගිම්හාන් 51, නවිනිඳු විතානගේ 41, නිපුන් කරුණානායක 38, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 29, චාමික එදිරිසිංහ 23/1)

කලුතර නගර – නුගේගොඩ

නුගේගොඩ කඩුලු 5කින් ජයලැබීය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් නුගේගොඩ කණ්ඩායම කඩුලු පහකින් ජය ලැබු‍වේ තවත් පන්දු 187ක් ඉතිරිව තිබියදීය.

නුගේගොඩ ලකුණු 89ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී නිමේෂ ගුණසිංහ ලකුණු 28ක් (පන්දු 24යි හතරේ 4යි) සහ ඩිලාන් ජයලත් ලකුණු 21ක්ද (පන්දු 31යි හතරෙ 2යි) තෙවන කඩුල්ලට පන්දුවාර හතකදී ලකුණු 44ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළහ.

කලුතර නගර පන්දුවාර 26.4කදී සියල්ල දැවී 88යි – (විෂාර ප්‍රනාන්දු 14, අසන්ත බස්නායක 18, රොමේෂ් නල්ලප්පෙරුම 11, රමිත ලියනආරච්චි 16/2,නවීන් ප්‍රනාන්දු 23/2,රවීන් සේයර් 11/2යි)

නුගේගොඩ පන්දුවාර 18.5කදී කඩුලු 5ට 89යි – (නිමේෂ ගුණසිංහ 28, ඩිලාන් ජයලත් 21, ඩෙවින් පත්මනාදන් 12, ඉන්සක සිරිවර්ධන 34/2, මහේෂ් ප්‍රියදර්ශණ 40/2යි)

හලාවත මේරියන්ස් – පොලීසිය

හලාවත මේරියන්ස් ලකුණු 54ක ජයක් ලැබීය.

ජයග්‍රාහී හලාවත මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා පන්දු 65කට පමණක් මුහුණදී හතරේ පහර හයක් හයේ පහර අටක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේය.

මීට අමතරව මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුර පන්දු 53කදී හතරේ තුනක් සහ හයේ පහක් සමඟ ලකුණු 60ක් රැස්කළේය. තීක්ෂිල සමඟ පුලින තරංග (11) මේරියන්ස් හත්වන කඩුල්ලට ලකුණු 89ක් රැස්කළේ පන්දුවාර 8.3කදීය.

හලාවත මේරියන්ස් පන්දු වාර 49කදී සියල්ල දැවී 275යි – (තීක්ෂිල ද සිල්වා නොදැවී 106යි, කසුන් විදුර 60, ලසිත් කෲස්පුල්ලේ 22, කවිඳු මෙන්ඩිස් 19, ජේ.පාන්ඩෙ 19, නිසල තාරක 58/2, චතුර කුමාර 5/2යි)

පොලීසිය පන්දුවාර 45කදී සියල්ල දැවී 221යි – (චතුරංග කුමාර 52, අෂේන් බණ්ඩාර 46, දෙනුවන් රාජකරුණා 41, නදීර බාලසූරිය 32, අවිඳු තීක්ෂිල 38/3, පුලින තරංග 45/2, කවිඳු මෙන්ඩිස් 39/2, කසුන් විදුර 19/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest