slc
Home   |    News
නොවැම්බර් 26, 2021
යුද හමුදා-ටැමිල් සහ රාගම -එන්.සී.සී. අවසන් පූර්ව වටයේ හැපෙති

sinhala editor

බන්දුල මොල්ලිගොඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක යුද හමුදාව සහ ටැමිල් කණ්ඩායම අතරත් රාගම සහ එන්.සී.සී අතරත් ලබන ඉරිදා (28) පැවැත්වීමට නියමිතය. මෙම තරග දෙකෙහි ජයග්‍රාහකයන් ලබන අඟහරුවාදා (30) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී එදිරිවාදීහු වෙති.

මූලික තරග කාල සටහනට අනුව තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක නොවැම්බර් 26 වැනිදා දිනයේදීත් අවසන් මහ තරගය නොවැම්බර් 28 වැනිදාත් පැවැත්වීමට තීරණයකර තිබුණි. එහෙත් අයහපත් කාලගුණය තරගාවලිය පුරාම බාධා පැමිණවූ බැවින් තරගාවලිය දින දෙකක් කල් දැමීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ.

මූලික වටයේදී ශතක දෙකක් වාර්තා වූ අතර පන්දු යවන්නන් අතුරින් කිහිපදෙනෙකුම කඩුලු හතර සහ පහ ඉක්මවූහ. මූලික වටයේ “ඒ” කොටසේ ප්‍රථම ස්ථානය යුද හමුදාවටත් දෙවන ස්ථානය එන්.සී.සී කණ්ඩායමටත් “බී” කොටසේ ප්‍රථම ස්ථානය ටැමිල් කණ්ඩාමත් දෙවන ස්ථානය රාගම කණ්ඩයමටත් හිමිවිණි.

යුද හමුදාව තරග 12කට සහභාගිවී තරග හයක් ජයගෙන තරගයක් පරාජයවී විසඳුමකින් තොර ප්‍රතිඵල පහක් ලබා සම්පූර්ණ ප්‍රසාද ලකුණු 22ක් ලැබූ අතර එන්.සී.සී කණ්ඩායමද තරග 12කට සහභාගිවී තරග හතරක් ජයගෙන තරග හතක් විසඳුමක් නොමැතිව ප්‍රසාද ලකුණු 19ක් ලබාසිටී. ටැමිල් කණ්ඩායමද තරග 12කට සහභාගිවී තරග පහක් ජයගෙන තරගයක් පරාජය වී තරග හයක විසඳුම් නොලබා ප්‍රසාද ලකුණු 18ක්ද රාගම කණ්ඩායමද තරග 12කට ඉදිරිපත්ව තරග හතරක් ජයගෙන තරග අටක් විසඳුම් නොලබා ප්‍රසාද ලකුණු 18ක්ද හිමිකරගෙන ඇත.

ඉරිදා (28) පැවැත්වෙන යුද හමුදා – ටැමිල් සහ රාගම – එන්.සී.සී අවසාන පූර්ව තරග දෙකම තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂිතය. යුද හමුදා – ටැමිල් තරගයේදී යුද හමුදාව තිසර පෙරේරාත් ටැමිල් කණ්ඩායම සධීර සමරවික්‍රමත් මෙහෙයවති. රාගම – එන්.සී.සී තරගයේදී රාගම කණ්ඩායම ඉෂාන් ජයරත්නත් එන්.සී.සී කණ්ඩායම චතුරංග ද සිල්වාත් මෙහෙයවති.

මූලික වටයේදී යුද හමුදාවේ අසේල ගුණරත්න, හිමාෂ ලියනගේ, ලක්ෂාන් එදිරිසිංහ, දුෂාන් රන්දික පිතිකරුවන් ලෙසත් හෙෂාන් හෙට්ටිආරච්චි සෙහද සොයිසා පන්දු යවන්නන් ලෙසත් නායක තිසර පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසත් කැපීපෙනුණි. ටැමිල් කණ්ඩායමේ සධීර සමරවික්‍රම, නවෝද් පරණවිතාන, සංතූෂ් ගුණතිලක පිතිකරුවන් ලෙසත් දිලුම් සූධීර සහ ජෙෆ්රි වැන්ඩසේ පන්දු යවන්නන් ලෙසත් කැපී පෙනුණි.

එන්.සී.සී. මූලික වටයේදී චතුරංග ද සිල්වා, සහන් ආරච්චිගේ, හසිත බෝයගොඩ, පිතිකරුවන් අතරත් චතුරංග ද සිල්වා යුගීෂ දිෂාන්, අෂේන් ඩැනියෙල් සචිඳු කොළඹගේ පන්දු යවන්නන් අතරින් ද රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ, දිනෙත් තිමෝද්‍ය, අවිශ්ක තරිඳු පිතිකරුවන් අතරින් සහ නායක ඉෂාන් ජයරත්න තුන් ඉරියව්වේත්, පන්දු යවන්නන් ලෙස කල්හාර සේනාරත්න සහ ශෂික දුල්ෂාන් ද කැපීපෙනුණි.

යුද හමුදා – තිසර පෙරේරා (නායක), සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, තරිඳු කෞෂාල්, ලක්ෂාන් එදිරිසිංහ, පැතුම් දිල්ෂාඩ්, හිමාෂ ලියනගේ, යශෝධ මෙන්ඩිස්, දුෂාන් රන්දික, තුලින දිල්ෂාන්, හෙෂාන් හෙට්ටිආරච්චි, රජින්ද පුංචිහේවා, මහේෂ් කුමාර, ගිහාන් කෝරලගේ, ශෂික දිල්ෂාන්, ගයාන් බණ්ඩාර

ටැමිල් – සධීර සමරවික්‍රම (නායක), නවෝද් පරණවිතාන, සුපුන් කාවින්ද, රන්මිත් ජයසේන, සංතූෂ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, යොහාන් මෙන්ඩිස්, ෂෙරාන් ප්‍රනාන්දු, දිලුම් සුධීර, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ

රාගම – ඉෂාන් ජයරත්න (නායක), නිශාන් මධුෂ්ක, සවිඳු ප්‍රනාන්දු, දිනෙත් තිමෝද්‍ය, ජනිත් ලියනගේ, අවිශ්ක තරිඳු, සංජුල බණ්ඩාර, නිපුන් මාලිංග, කාල්හාර සේනාරත්න, ශෂික දුල්ෂාන් සහ ජනක සම්පත්

එන්.සී.සී – චතුරංග ද සිල්වා (නායක), සහන් ආරච්චිගේ, ළහිරු උදාර, කවින් බණ්ඩාර, නිපුන් රන්සික, හසිත බෝයගොඩ, අෂේන් ඩැනියල්, ප්‍රවීන් ද සිල්වා, සවිඳු කොළඹගේ, අහන් වික්‍රමසිංහ, ‍ජොහාන් ද සිල්වා, මතීෂ පතිරණ. යුගීෂ දිෂාන්. කවිඳ ඊශ්වර.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest