slc
Home   |    News
නොවැම්බර් 29, 2021
රාගම – ටැමිල් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසාන  පූර්ව තරග දෙකෙන් ටැමිල් සහ රාගම කණ්ඩායම් අවසාන තරගයට සුදුසුකම් ලැබීය. ටැමිල් සහ යුද හමුදා අතර මග්ගොනදී පැවැති තරගයෙන් ටැමිල් කණ්ඩායමට ලකුණු 47ක ජයක් අත්වූ අතර රාගම සහ එන්.සී.සී අතර තරගය විසඳුමකින් තොරව නිමවිණි. මූලික වටයේ දක්ෂතා මත රාගම අවසාන තරගයට තේරිණි.

රාගම සහ එන්.සී.සී තරගයේදී රාගම කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 5කට ලකුණු 114ක් ලබා සිටියදී වර්ෂාව මත තරගය නතර කැරිණි. ටැමිල් – යුද හමුදා තරගයත් රාගම – එන්.සී.සී තරගයත් ප්‍රථම දින (28) අතර මග අයහපත් කාලගුණය මත නතර කෙරුණු අතර විවේක දිනය වූ සඳුදා (29) පැවැත්වීමට හැකිවූයේ ටැමිල් – යුද හමුදා තරගය පමණි.

ටැමිල් ලකුණු 47කින් ජයගනියි

ටැමිල් සහ යුද හමුදාව අතර මග්ගොනදී පැවැති අවසාන පූර්ව තරගයෙන් ටැමිල් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 47කිනි.

ටැමිල් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම මේ තරගයේදී පන්දු  85කදී හතරේ දෙකක් සමඟ ලකුණු 50ක් රැස්කරමින් තරගයේ එකම අර්ධ ශතකය වාර්තා කළේය.

සධීර ටැමිල් දෙවන කඩුල්ලට නවෝද් පරණවිතාන සමඟ පන්දුවාර 13.1කදී ලකුණු 58ක්ද සධීර සිව්වන කඩුල්ලට සංතූෂ් ගුණතිලක සමඟ ලකුණු 44ක්ද රැස්කළහ.

නවෝද් පරණවිතාන පන්දු 55කදී හතරේ හයක් හයේ පහරක් සමඟ ලකුණු 49ක්ද සංතූෂ් ගුණතිලක පන්දු 56කදී හතරේ පහරක් සමඟ ලකුණු 37ක් ලැබූහ.

යුද හමුදා කණ්ඩායමට පන්දුවාර 43කදී ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුනද සියලු  පිතිකරුවන් දැවී ඔවුන් ලබාගත්තේ ලකුණු 139කි. (පන්දුවාර 32.5යි) අසේල ගුණරත්න පන්දු 50කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 40ක් ද, සීක්කුගේ ප්‍රසන්න පන්දු 17කදී හතරේ පහරක් , හයේ පහර තුනක් සමඟ ලකුණු 29ක් ද ලැබීය. මොවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 39ක් රැස්කළේ පන්දුවාර 5.1කදීය.

ටැමිල් පන්දුවාර 50දී 242යි – (සධීර සමරවික්‍රම 50, නවෝද් පරණවිතාන 49, සංතූෂ් ගුණතිලක 37, ෂෙරාන් ප්‍රනාන්දු 23, සුපුන් කාවින්ද 21, ජෙෆ්රි වැන්ඩසේ 20, හෙෂාන් හෙට්ටිආරච්චි 42/3, සීක්කුගේ ප්‍රසන්න 39/2, සුමින්ද ලක්ෂාන් 41/2)

යුද හමුදා පන්දුවාර 32.5කදී සියල්ල දැවී 179යි – ( අසේල ගුණරත්න 40, සීක්කුගේ ප්‍රසන්න 29, පැතුම් දිල්ෂාන් 26, තිසර පෙරේරා 18, ප්‍රමෝද් මධුෂාන් 30/3, ජෙෆ්රි වැන්ඩසේ 48/3, ශිරාන් ප්‍රනාන්දු 38/2)

රාගම – එන්.සී.සී. තරගයේ නොවිසඳෙයි

යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී රාගම කණ්ඩායම ඉරිදා (28) පන්දුවාර 31කදී කඩුලු 5කට ලබාගත් ලකුණු 114ට පසුව අයහපත් කාලගුණය මත එම දිනයේත් පසුව සඳුදාත් (29) තරගය නොපැත්වූ හෙයින් විසඳුමකින් තොර තරගයක් ලෙස මෙය නම්කැරිණි.

එන්.සී.සී කණ්ඩායම මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම රාගම කණ්ඩායම පැවරීය. රාගම කණ්ඩායමේ ලකුණු රැස්කිරීමේ වේගය 3.67ක් පමණක් විය.

රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක පන්දු 78දී හතරේ පහරක් සමඟ ලකුණු 41ක්ද ජනිත් ලියනගේ පන්දු 22කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 26ක්ද අවිශ්ක තරිඳු පන්දු 33කදී හතරේ දෙකක් සමඟ ලකුණු 21ක්ද රැස්කළහ.

එන්.සී.සී කණ්ඩායමේ සවිඳු කොළඹගේ ලකුණු 26කට කඩුලු තුනක්ද නිපුන් රන්සික ලකුණු 26කට කඩුල්ලක්ද දවාලූහ.

රාගම පන්දුවාර 31කදී කඩුලු 5ට 114යි – (නිශාන් මධුෂ්ක 41, ජනිත් ලියනගේ 26, අවිශ්ක තරිඳු 21, සචිඳු කොළඹගේ 26/3, නිපුන් රන්සික 26/1යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest