slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2021
සදාතනික වීරයන් අතරට මහේලගේ නමත්

sinhala editor

ලොව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ඨයින්ගේ (Hall of Fame) ක්‍රීඩා නාම ලේඛනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතාව එක් කරමින් ඉහළම ගෞරව නම්බු නාමය ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට එක් වුණු තෙවැනි සදාතනික විශිෂ්ඨයා වන්නේද මහේල ජයවර්ධන වේ. ඔහුට පෙර ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමර් සංගක්කාර මෙම නම්බු නාමයට පාත්‍ර වූ සෙසු ක්‍රීඩකයින් දෙපළ වෙති. එම නම් කිරීමේදී මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකාවක වන ජැනට් බ්‍රෙටින්ටද එම නම්බු නාමය ලබා දීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 159 ක්, එක්දින තරග 448 ක් සහ විස්සයි-20 තරග 55 කට මහේල ක්‍රීඩා කර තිබේ. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 9 වැනි ස්ථානයේ පසුවන මහේල රැස් කළ ඇති ලකුණු සංඛ්‍යාව 11,814 කි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.84 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින දකුණතින් පන්දුවට පහර දුන් පිතිකරුවා එයට ශතක 34 ක් ඇතුළත් කරගෙන සිටියි. ඉනිමක වැඩිම ලකුණු ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේදී රැස් කරන ලද ලකුණු 374 සටහන් කරගෙන සිටින හිටපු ටෙස්ට් නායකයා ලෝක කුසලාන තරගාවලි 2 කදී (2007 සහ 2021) ශ්‍රී ලංකාව අනුශූරතාවය දක්වා රැගෙන යෑමට සමත්වූවේය. එම තරගයේදී කුමාර් සංගක්කාර සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 624 අදටත් වසර 40 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තාවී ඇති හොඳම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වේ.

එක්දින තරග 448 කට ද සිය දායකත්වය ලබා දී සිටින මහේල මුලු ලකුණු 12,650 ක් රැස් කිරීමට සමත්ව සිටියි. ලෝක කුසලාන අවසන් මහ තරගයක ශතකයක් ලද විරළ පිතිකරුවන් අතරට එක්වීමට සමත්ව සිටින ජයවර්ධන එම තරග අංශය යටතේ ශතක 19 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. විස්සයි-20 තරග අංශයේ ලොව සිව්වැනියට ශතකයක් වාර්තා කළ පිතිකරුවා බවටද මහේල පත්ව සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු පුහුණුකරු වෘත්තිය තෝරාගෙන සිටින මහේල වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් කටයුතු කරයි. මේ සඳහා ඔහු කිසිදු මුදලක් ලබා නොගැනීමද කැපී පෙනෙන්නක් වේ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee