slc
Home   |    News
නොවැම්බර් 16, 2021
2026 වසරේ ලෝක කුසලාන තරගාවලි සත්කාරය ශ්‍රී ලංකාවට

sinhala editor

ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද සම සත්කාරකත්වය දැරීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුළද තරග කිහිපයක් පැවැත්වෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද දිනයේ නිකුත් කරන ලද නිල තරග කාල සටහනට අනුව 2031 වසර දක්වා ඔවුන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන තරගාවලි එළි දැක්වීම සිදුකෙරිණි. එහිදී 2024 වසරේ සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේදී පැවැත්වීමට අයි.සී.සී. තරගාවලිවලදී රටවල් 14 ක් විසින් සත්කාරකත්වය ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමඟ සම සත්කාරකත්වය ලබා සිටින ඉන්දියාව එම කාල සීමාවේදී ලෝක කුසලාන තරගාවලි 3 කට සත්කාරකත්වය ලබා දීම කැපී පෙනෙයි. ඉන්දියාව සතුව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පවතින ඉහළ වෙළෙඳ පොළ ඉල්ලුම එයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගත් 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක සම සත්කාරකත්වය දැරූ පාකිස්තානය වසර 29 කට පසු ශූරයන්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟින් සම සත්කාරකත්වය ලබා දීමෙන් පසු 2011 වසරේ පැවැති තරගාවලියේ තරග කීපයක් පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත එම තරග සියල්ලම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යෙදිණ.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය සිදුකර ඇත්තේ 2012 වසරේදීය. ශ්‍රී ලංකාව අනුශූරතාවයට ඇද දමමින් එම වසරේ ශූරතාව දිනා ගැනීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවටද ලෝක කුසලාන තරගාවලියක සංවිධාන කටයුතු කිරීමේ අවස්ථාව හිමිව ඇත්තේ වසර 14 කට පසුව කාලයකින් වීම කැපී පෙනෙයි.

සෑම රටකටම තරගාවලියක් පැවැත්වීමේ අවස්ථාව දිනා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් පදනම්ව මෙම සත්කාරක අයිතීන් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගනු ලැබීය. මෙම කාල සීමාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි 8, සඳහා සත්කාරය දැරීමට සාමාජික රටවල් 17 කින් යෝජනා 28 ක් ඉදිරිපත්ව තිබෙන බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී සිටියි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest