slc
Home   |    News
නොවැම්බර් 12, 2021
LPL සංචිතය පුළුල් වෙයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමකට  ඇතුළත්වීමේ අවස්ථාව මඟ හැරුණු ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ඇතුළුව තවත් ක්‍රීඩකයින් දහ දෙනෙකු ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

අභිනව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඇන්ලෝ මැතිව්ස් කොළඹ කණ්ඩායමේද, කුසල් පෙරේරා මහනුවර කණ්ඩායමේද නායකයින් ලෙස කටයුතු කළහ. එහෙත් නොවැම්බර් 09 වැනිදා පැවැති ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මොවුන් දෙදෙනා ඇතුළු ජාතික කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් කීප දෙනෙකුට  කණ්ඩායම්වලට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි විය. ඒ පිළිබඳව අවධානය යොමු කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත ලබා දීමට පියවර ගනු ලැබීය.

එසේ ඉදිරිපත් කරන ලද ක්‍රීඩකයින් අතර දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන් සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයින් 673 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 358 දෙනෙකු වශයෙන් සමස්ථ ක්‍රීඩකයින් 1031 දෙනෙකු ලියාපදිංචිව තිබුණි. ඒ සියල්ලෝම ක්‍රීඩක තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් (Player draft) ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු සියල්ල පූර්ණ විධිමත් භාවයකින් සහ විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් එම තෝරා ගැනීමේදී ඉහත නම් සඳහන් ක්‍රීඩකයින්ගේ සේවය කණ්ඩායම් හිමිකාරීත්වය ලබා නොගැනිණ. මෙම තත්ත්වය මත කණ්ඩායමකට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 20 සිට 22 දක්වා වැඩිවනු ඇත.  කණ්ඩායම් හිමිකාරීත්වයත් සමඟ සාකච්ඡා කරමින් අහඹු  තේරීමක් යටතේ මෙම ක්‍රීඩකයින් කණ්ඩායම වලට ඇතුළත් කෙරෙනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest