slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2021
කාන්තා පිලේ පළමු සටන නෙදර්ලන්තයට එරෙහිව

sinhala editor

ලබන වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව නොවැම්බර් 23 වැනිදා පැවැත්වේ. සිම්බාබ්වේදී පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මෙරට වේලාවෙන් ප.ව. 1.00 ට ආරම්භ වීමට නියමිතය.

චමරි අතපත්තුගේ නායකත්වය යටතේ මෙම තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පාසල් මට්ටමේ සිට දේශීය තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත්ය. තරගාවලියට පිටත්ව යෑමට මත්තෙන් නේවාසික පුහුණු කඳවුරු 2 කට සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් පුහුණු තරග 19 කටද සහභාගිවීම කැපී පෙනිණ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහි තරගයට අමතරව තවත් තරග 2 කට හෙවත් අයර්ලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇත. මෙම කාණ්ඩයට පැපුවා නිව්ගිනියා කණ්ඩායමද ඇතුළත් වුවත් එම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කීප දෙනෙකුටම කොවිඩ් ආසාධනය වීම නිසා තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව නොවැම්බර් 27 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවද නොවැම්බර් 29 වැනිදා අයර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest