slc
Home   |    News
දෙසැම්බර් 23, 2021
ජැෆ්නා කිංග්ස් පන්දුවට පහර දෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL – 2021 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කෙරෙන අවසන් කඩඉම වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

අවසන් මහ තරගයට පෙර දෙපිළ මුණ ගැසුණු අවස්ථා ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර් පිල ජය වාර්තා කිරීමට සමත් වූ අතර එම තරග තුනේදීම පළමුව පන්දුවට පහර දී තිබුණේ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම වේ. ඒ අනුව අද තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පළමු වතාවට හඹා යෑමට සිදුව තිබේ.

අද තරගය සඳහා ජැෆ්නා කණ්ඩායමේ එක වෙනස්කමක් සිදු නොකර පැමිණ සිටින නමුත්, ග්ලැඩියේටර් පිල වෙනස් කම් දෙකක් හෙවත් පෙර තරගයට ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ සහ අන්වර් අලී වෙනුවට බෙන් ඩන්ක් සහ ධනංජය ලක්ෂාන් කැඳවමින් අවතීර්ණව සිටියි.

ජැෆ්නා කිංග්ස් – ටොම් කොලර්-කැඩ්මෝර්, අවිෂ්ක ප්‍රනාන්දු, රාමනුල්ලා ගුර්බාස්, අශාන් රන්දික, ෂොයෙබ් මලික්, තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ජේඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, මහීෂ් තීක්ෂණ.

ගෝල් ග්ලැඩියේටර්ස් – ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් හෆීස්, භානුක රාජපක්ෂ (නායක), සමිට් පටෙල්, ධනංජය ලක්ෂාන්, ඉසුරු උදාන, බෙන් ඩන්ක්, පුලින තරංග, මොහොමඩ් අමීර්, නුවන් තුෂාර

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest