slc
Home   |    News
දෙසැම්බර් 26, 2021
චමිඳු – සදිෂ ශතක නිසා යොවුන් කණ්ඩායමට පහසු ජයක්

Sri Lanka Cricket

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉරිදා දින (26) තවත් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු හැටකින් නේපාලය පරාජයට පත්කරමිනි.

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කාසියේ වාසිය දිනා පන්දුවාර 50 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලබාගත් ලකුණු 322ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස නේපාලය පන්දුවාර 47.5කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 262කි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා පිත්තෙන් වඩාත්ම කැපීපෙනුණු ක්‍රීඩකයන් වූයේ සදීෂ රාජපක්ෂ (131) සහ චමිඳු වික්‍රමසිංහ (111)ය. පන්දු යැවීමෙන් රවින් ද සිල්වා (35/3යි) සහ මතීෂ පතිරණ (49/3යි) කැපී පෙනුනහ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ සහ සදිෂ රාජපක්ෂ දෙවන කඩුල්ලට පන්දුවාර 32.5කදී එක්කළ ලකුණු 223ක සබඳතාවයම තරගය ආරම්භයේදී පහසු ජයග්‍රහණයක් වෙනුවෙන් ගොඩනැගුණු සාර්ථක අඩිතාලමකි. මේ පිතිකරුවන් දෙදෙනාගේ පන්දුවට පහරදීමේ වේගය පන්දුවාරයකට ලකුණු හතක් විය. වඩාත් ආක්‍රමණශීලි පිතිහරඹයක යෙදුණු සදිෂ රාජපක්ෂ පන්දු 119කට පමණක් මුහුණදී හතරේ පහර 11ක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 131ක් රැස් කරද්දී ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 126කදී හතරේ අටක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 111ක් ලබා ගනිමිනි.

මේ පිතිකරුවන් දෙදෙනාට අමතරව නායක දුනිත් වෙල්ලාලගේ වේගවත් අයුරින් ඉනිම අගභාගයේ නොදැවී ලකුණු 34ක් රැස්කළේ හතරේ පහර තුනක් සහ හයේ පහරක්ද එල්ල කරමින් පන්දු 24කට පමණක් මුහුණ දෙමිනි.

ලකුණු 323ක අසීරු ඉලක්කයක් කරායද්දී නේපාල පිතිකරුවන් අතරින් කැපී පෙනුණේ අර්ජුන් සවුද් (64) බිබේ යදවු (46) සහ බසිර් අහමඩ් (43) පමණකි. රචින් ද සිල්වා සහ මතීෂ පතිරණ කඩුලු තුන බැගින් දවාලමින් ලංකා යොවුන් පන්දු යවන්නන් අතරින් දක්ෂතා දැක්වීය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 4ට 322යි – (සදිෂ රාජපක්ෂ 131, චමිඳු වික්‍රමසිංහ 111, දුනිත් වෙල්ලාලගේ නොදැවී 34, ෂෙවොන් ඩැනියල් 17, මොහොමඩ් අලාම් 46/2යි)

නේපාලය පන්දුවාර 47.5කදී සියලු ක්‍රීඩකයන් දැවී 262යි – (අර්ජුන් සවුද් 64, බිබෙ යදවු 46, බසිර් අහ්මඩ් 43, සම්ටොෂ් කාකි 34, රවින් ද සිල්වා 35/3, මතීෂ පතිරණ 49/3, ෂෙවොන් ඩැනියල් 11/1 යි)
බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest