slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2021
යෞවනයෝත් දැවැන්ත ජයක් ලබති

sinhala editor

පවන් පතිරාජගේ ඉවසිලිවන්ත ශතකයත් වනුජ සහන්ගේ දඟ පන්දුවත් හේතුවෙන් එංගලන්ත අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව අද (03 දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන් ලකුණු 148 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තැන් ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 252 ක ඉලක්කයක් හඹා යෑමේදී එංගලන්ත යොවුන් කණ්ඩායමේ පළමු කඩුලු 8 ම ලකුණු 50 කදී දවා ගැනීමට වනුජ සහන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මැද පෙළින් පැමිණි ජේම්ස් රූ අවසන් පිතිකරුවන් දෙදෙනා සමඟ එක් කරන ලද ලකුණු 53 ක සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 100 කට වඩා අඩුවෙන් දැවී යෑමට තිබූ අවධානමෙන් කණ්ඩායම මුදවා ගත්හ. රූ පන්දු 57 කදී හතරේ පහර 8 ක් සමඟ ලකුණු 50 ක් ලබා ගත්තේය.

සංචාරක පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී පෙරමුණ ගත් වනුජ සහන් පන්දුවාර 10 ලකුණු 21 ක් ඇතුළත නිම කොට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව යසිරු රොඳ්‍රගෝ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත්හ. එංගලන්ත ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා ලබා නොගැනීම කැපී පෙනුණි.

කාසියේ වාසියත් සමග පළමුව පිති ප්‍රහාරයත් දියත් කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 4 කට ලකුණු 251 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ පවන් පතිරාජ පන්දු 131 කදී හතරේ පහර 13 ක් සමඟ ලකුණු 113 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනිණ.

ඉනිමේ කැපී පෙනෙන සම්බන්ධතාව වූයේ පතිරාජ සහ රනුද සෝමරත්න (නොදැවී 58) සමඟ පන්දු 128 කදී එක් කරන ලද ලකුණු 105 විය. පිට පිටම දෙවැනි අර්ධ ශතකය බවට පත්වූ සෝමරත්නගේ ඉනිම පන්දු 79 කදී සටහන් විය. හයේ පහරක් සහ හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් විය. ඉනිමේ අවසන් භාගයේදී පන්දුවට පහර දීමට පැමිණි නායක වෙල්ලාලගේ පන්දු 22 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 38 ක් රැස් කොට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 4 කට ලකුණු 251 යි – (ෂෙවෝන් ඩැනියෙල් 18, පවන් පතිරාජ 113, රනුද සෝමරත්න 58, දුනිත් වෙල්ලාලගේ 38*, ජොෂුවා බොයිඩ්න් 42/2, රෙහාන් අහමඩ් 41/2)

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 31.4 කදී ලකුණු 103 යි – (විලියම් ලූක්ස්ටන් 12, ජේම්ස් රූ 50, වනුජ සහන් 21/5, යසිරු රුද්‍රගෝ 18/2, මතීෂ පතිරණ 20/2)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee