slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2021
වනිඳු “මල්ලී” සමඟ එක්ව ක්‍රීඩා කරන සෑමවිටම සාර්ථක වූවා – චතුරංග ද සිල්වා

Sri Lanka Cricket

තමා තම මල්ලී වනිඳු සමඟ එක්ව ක්‍රීඩා කරන සෑම අවස්ථාවකදීම සතුටකින් සහ උනන්දුවකින් ක්‍රීඩා කරන බවත් එහි ප්‍රතිඵල අද (13) දිනයේ සැමට දැකගැනීමට හැකිවූ බවත් සඳුදා පැවැති ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල ජයන්ට්ස් තරගයේ වීරයා ලෙස නම් කැරැණු ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

තමා සෑමවිටම ඕනෑම තරගයකදී ක්‍රීඩාකරන්නේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව. කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යාමේ එකම අරමුණින් බව පවසන චතුරංග ඒ අයුරින් කණ්ඩායම් හැඟීමෙන් තරග වැදීමෙන් ජයග්‍රහණය අපහසු නොවන දෙයක් බවද සඳහන් කළේය.

පන්දු යැවීමේදී හෝ පන්දුවට පහරදීමේදී මගෙන් ඉටුවිය යුතු සේවය සීයයට සියයක්ම කණ්ඩායමට ලබාදීම යුතුකමක් ලෙස තමා සළකන බවත් අද දිනයේ දඹුල්ල ජයන්ට්ස් සමඟ තරගයේදී තම කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තුළින්ම එය දැකගැනීමට ලැබුණු බවත් චතුරංග ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලගේ අපේක්ෂාව මේ ලබන ජයග්‍රහණ අවසාන තරගය නිමවන තෙක්ම පවත්වාගෙන යාම යැයි කී චතුරංග තම සහෝදරයා සහ තමා අතර ක්‍රිකට් සබඳතා පවතින්නේ ඉතාමත් කුඩාකළ සිටම යැයිද කියයි.

ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා අදහහස් දක්වමින් ප්‍රකාශ කළේ මීළඟ තරගයට අනිවාර්යෙන්ම යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන බවත් එම ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයනට ඉදිරියේදී හැකි තරමි අවස්ථාව දීමට අපේක්ෂා කරන බවත්ය.

මේ තරගාවලියේ බොහෝ අවස්ථාවන්හි මට එතරම් දෙයක් කිරීමට ඉතිරිව තිබුණේ නැහැ සෙසු සියලු ක්‍රීඩකයන් තම කාර්යයන් මැනවින් ඉටුකිරීම මත සියල්ල පහසුවූවා. තමාට පැවරී තිබුණේ කණ්ඩායමට නායකත්වය දීම පමණකැයිද තිසර පෙරේරා පැවසීය.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ තරග ආරම්භයේදීම කාසියේ වාසිය අහිමිවිම පරාජයට ආරම්භයක්වූ බවය.

ඉදිරි තරගවලදී තම අපේක්ෂාව ඉදිරිපෙළ පිතිකරුවන් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ටයනට වැඩි අවස්ථාවක් දීම යැයි කී ශානක අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද මීළඟ තරගවලදී ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනු ඇතැයිද කීය.

තම අපේක්ෂාව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා අවසාන තරගයට සහභාගිවීම යැයිද දසුන් ශානක පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest