slc
Home   |    News
දෙසැම්බර් 1, 2021
‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ගැන අසේල ගුණරත්න කළ ගුණ කථනය

sinhala editor

බන්දුල මොල්ලිගොඩ

කොවිඩ් වෛරසයේ බලපෑම සහ මේ දිනවල පවතින අයහපත් කාලගුණය වැනි බාධක මධ්‍යයේ වුවද අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය වැනි ප්‍රධාන ක්‍රිකට් තරගාවලියන් සංවිධානය කිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩකයනට තම කුසලතා වර්ධනය කර ගැනීමට හා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කර සිටින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණු අසේල ගුණරත්න, එවැනි අවස්ථාවක් සලසාදීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමා ස්තූතිවන්ත වන බවද සඳහන් කර සිටියි.

තරගාවලි සංවිධානය කිරීමට අසීරු මෙවන් කාල සීමාවන්හි ප්‍රධාන තරගාවලියක් පවත්වා නිම කිරීමත් තවත් දින කිහිපයකින් ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය සහ ජාත්‍යන්තර මට්ටමින් ජාත්‍යන්තර කන්තා, පිරිමි සහ වයස් මට්ටමේ තරග සංවිධානය කරදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය පිළිබඳව සියළු ක්‍රිකට් ක්‍රීඩකයනගේ කෘතඥතාව ක්‍රිකට් අයතනයට හිමිවිය යුතු යැයි ද අසේල ගුණරත්න කීය.

යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තරගාවලියට ක්‍රීඩා කළ අසේල තරග 8 කට සහභෘගිවෙමින් ලකුණු 249 ක් සහ පන්දු යවමින් කඩුලු 9 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

යුධ හමුදා ක්‍රීඩකයන් සියල්ලගේ අපේක්ෂා වී තිබුණේ මේජ්ර් තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා සූරතාව දිනාගෙන හමුදාවට ගෞරවයක් අත්කර දීම බව කී අසේල ගුණරත්න ඉදිරි තරගවලදී මීට වඩා සාර්ථක වීමට අපේක්ෂා කරන බවට කීය. යුධ හමුදාවේ උසස් නිලධාරීන් අපගේ ක්‍රීඩා කෞෂල්‍යතාවයන් දියුණු කිරීමටත් නිසි පුහුණුවක් ලබාදීමටත් නිරතුරුව ක්‍රියාකරන බව කී ඔහු ක්‍රීඩකයන්ද තම යුතුකම් ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද කීය.

පෞද්ගලිකව තුන්ඉරියව්වේම දස්කම් දක්වා කණ්ඩායමට ගෞරවයක් අත්කර දීමට අවස්ථාවක් ලැබීම පිළබදව සතුටු වන බව කී අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු වී දස්කම් පෑමට තමා බලාපොරත්තු වන බවද කීවේ ය.

ලබන 5 වැනිදා ඇරඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීත් මේජර් තරගාවලියේදී  මෙන්ම දක්ෂතා දැක්වීමට තමා අපේක්ෂාවෙන් සිටින බවද අසේල පැවසීය.

තරගාවලියේ ශූරතාව දිනා ගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ටැමිල් යුනියන් කණ්ඩායමට මුදලින් රුපියල් හත්ලක්ෂ පනස්දාහක මුදලක්ද අනුශූරතාවට පත් රාගම කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද හිමිවිය.

මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු ගාල්ල ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි තරග 1 කදී ලකුණු 320 ක් රැස් කරමින් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසද, එම ක්‍රීඩා සමාජයේම චලන ද සිල්වා තරග 10 කදී කඩුලු 21 ක් බිඳ හෙළමින් දක්ෂතම පන්දු යවන්නා ලෙසින් පිදුම් ලැබීය. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ තරග 8 කදී කඩුලු 24 ක් බිඳ හෙළූ ජෙෆ්රි වැන්ඩර්සි අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.  

අවසන් මහ තරගාවසානයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සම්මාන ලද ක්‍රීඩකයින් මෙසේය.

තරගාවලියේ වීරයා – අසේල ගුණරත්න (යුද හමුදාව)

අවසන් මහ තරගයේ වීරයා – ජෙෆ්රි වැන්ඩර්සි (ටැමිල් යුනියන්)

තරගාවලියේ දක්ෂතම පිතිකරු – චානක රුවන්සිරි (ගාල්ල)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චලන ද සිල්වා (ගාල්ල)

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අසේල ගුණරත්න ජය සංකේත ප්‍රදානයේදී තරගාවලි සංවිධායක කමිටු සභාපති සමන්විත දොඩන්ධාවල මහතා සහ දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් සිය ත්‍යාග ලබා ගත් අයුරු.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වුණු ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා සම්මාන ලබාගත් අවස්ථාව
දක්ෂතම පිතිකරුවා ලෙසින් චානක රුවන්සිරි සම්මාන ලබා ගනිමිනි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest