slc
Home   |    News
දෙසැම්බර් 5, 2021
ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලියේ පෙරමුණට පැමිණෙති

sinhala editor

කුඩා ඉලක්කයක් වුවත් ලකුණු රැස් කිරීම වඩාත් අසීරු වූ කොළඹ එස්. එස්. සී. තණතීරුවේදී ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (05 දා) සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා පිල පෙරමුණ ගැනීමටද සමත්විය.

දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්ද, යසුරු රුද්‍රගු, ට්‍රෙවීන් මැතිව් සහ රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත්වීම නිසා එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 34.3 කදී ලකුණු 114 කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලකුණු රැස් කිරීම යනු අතිශය අසීරු කරුණක් බවට පත් වුවත් එම අභියෝගයේ වගකීම කරට ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 6 ක් ඉතිරිව තිබියදී සපුරා ගත්හ.

එම ජයග්‍රාහී ගමනේදී ඉදිරි පෙළ කඩුලු 5 ම ලකුණු 46 කදී දවා ගනිමින් ප්‍රතිවාදී පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. දඟ පන්දු යවන්නන්ට තණතීරුවෙන් ලැබුණු උපරිම ප්‍රයෝජනය ගත් රෙහාන් අහමඩ් සිය පන්දුවාර 10 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 2 ක් ද තෝමස් අස්පින්වෝල් ලකුණු 10 කට කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් එල්ල කළහ.

එහෙත් හය වැනි කඩුල්ල වෙනුවෙන් නායක වෙල්ලාලගේ සමඟ එක්වූ පවන් පතිරාජ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් ගොඩ නංවා තිබියදී පතිරාජ (17) දුවද්දී දැවී යෑමකට හසුව දැමී යෑමත් ජයග්‍රහණයට ලකුණු 12 ක් තිබියදී නායක වෙල්ලාලගේද (18) දැවී යෑමත් ශ්‍රී ලංකා හඹා යෑම අවධානමකට ලක් කරවන්නක් විය.

කෙසේ වෙතත් අංක 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි යසුරු රුද්‍රගෝ ශ්‍රී ලංකාව ජයටැඹ කරා රැගෙන ගියේ තවත් කඩුලු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. 44 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන විට යසුරු පන්දු 28 කදී ලකුණු 12 ක් ද මතීෂ පතිරණ පන්දු 13 කදී ලකුණු 6 ක් ද ලබා සිටියහ.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ යසුරු රුද්‍රිගෝ ඉනිමේ පළමු පන්දුවේදීම එංගලන්ත ආරම්භක පිතිකරුවා වූ ජොකාබ් බෙතෙල් දවා ගනිමින් ශ්‍රී ලංකාවට සුභ දායී ආරම්භයක් ලබා දුන්නේය. අනතුරුව ජෝර්ජ් බෙල්ගේ කඩුල්ලද යසුරුගේ නම ඉදිරියෙන් සටහන් වන විට ලකුණු පුවරුව 11 ක් ලෙසින් සටහන්ව තිබිණ.

ලකුණු සාරාංශය

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 34.3 කදී සියලු දෙනා දැවී ලකුණු 114 යි – (ටොම් ප්‍රේස්ට් 13, රෙහාන් අහමඩ් 19, ජේම්ස් කෝල්ස් 16, ඇලෙක්ස් හෝර්ටන් 18, ජේම්ස් සේල්ස් 13, දුනිත් වෙල්ලාලගේ 13/3, රවීන් ද සිල්වා 18/2, ට්‍රෙවීන් මැතිව් 10/2, යසුරු රුද්‍රිගෝ 29/2, වනුජ සහන් 22/1)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 44 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 115 යි – (අන්ජල බණ්ඩාර 29, පවන් පතිරාජ 17, දුනිත් වෙල්ලාලගේ 18, යසුරු රුද්‍රිගෝ 12*, රෙහාන් අහමඩ් 20/2, තෝමාස් ඇස්පින්වෝල් 10/2, ටොම් ප්‍රෙස්ට් 13/1, නේතන් බාන්වෙල් 13/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest