slc
Home   |    News
ජනවාරි 21, 2022
ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය පෙබරවාරි 11 සිට

sinhala editor

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරග 5 කට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වන එම තරගාවලිය එම 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ.

තරග කාල සටහනට අනුව තරගාවලිය ක්‍රීඩාංගණ 3 ක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙම තරගාවලිය කැන්බරාහි මනුකා ඕවල් සහ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. සිඩ්නිහිදී තරග 2 ක්ද කැන්බරාහි එක් තරගයක්ද පැවැත්වෙන අතර අවසන් තරග 2 මෙල්බර්න් හිදීද පැවැත්වෙනු ඇත.

ඒ අනුව තරගාවලියේ පළමු තරග 4 ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.10 ට ද මෙල්බර්න්හි පැවැත්වෙන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 11.40 ට ද ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest