slc
Home   |    News
ජනවාරි 30, 2022
ජැෆ්නා නායක ධනංජයගෙන් සුපිරි දක්ෂතා.

sinhala editor

By Bandula Molligoda

නායක ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම සමග අද ( 30) වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 88 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය. පිත්තෙන් ලකුණු 55 ක් රැස් කරගත් ධනංජය ද සිල්වා පන්දු යවමින් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා දෙපිළේම කැපී පෙනුණු චරිතය බවට පත්වූවේය.

සමස්ථ තරගය ඇතුළතදී ජැෆ්නා කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙනි සිටීමට සමත්වීම කැපී පෙනුණි. ධනංජය ද සිල්වාට අමතරව සංතූෂ් ගුණතිලක (57) අර්ධ ශතකයක් රැස් කරද්දී සධීර සමරවික්‍රම සහ නිමද මධුශංඛ ලකුණු 35 බැගින්ද ඉෂාන් ජයරත්න ලකුණු  31ක් වශයෙන් පිත්තෙන් දායකත්වය දක්වන ලද පිතිකරුවෝ බවට පත්වූහ. ඉෂාන් ජයරත්න පන්දු යවමින් ලකුණු 27 කට කඩුලු 2 ක් ද දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 49.5 අවසානයේ ලකුණු 263ක ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අතර එය හඹායෑම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ මුල් කඩුලු හතම ලකුණු 122ක් වන විට දැවී යෑම අපේක්ෂිත සැලසුම කරා යෑමට බාධා පැමිණවීය.

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා සහ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 37කට කඩුලු තුනක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු 27කදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමග ලකුණු 34ක් රැස්කර තුන් ඉරියව්වේම දස්කම් පෙන්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. ජැෆ්නා කණ්ඩායමේ ප්‍රථම කඩුලු තුන මුළු ලකුණු 59ක් වන විට දැවී ගියත් මැද පෙළ පිතිකරුවන් දක්ෂතා පෙන්වීමෙන් සාර්ථක සබඳතා හතරක්ම ගොඩනැගුණී.

ජැෆ්නා ඉනිමේ ලකුණු රැස් කිරීමේ  වේගය පන්දුවාරයකට 5.27ක් වුයේ එම මැද පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු අතරට පැමිණීමෙනි. හොඳම සබඳතාවය වූයේ නායක ධනංජය ද සිල්වා සහ සංතූෂ් ගුණතිලක සිව්වන කඩුල්ලට පන්දු 79කදී රැස් කළ ලකුණු 60ක්වේ.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා වූ අංක පහ පිතිකරු සංතූෂ් ගුණතිලක ලකුණු 57ක් රැස්කළේ පන්දු 110කදී හතරේ පහරක් පමණක් ඇතුළත් කරමිනි. ඊට අමතරව නායක ධනංජය ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පිටිය පුරා හතරේ පහර හතක් හයේ පහර දෙකක් ද එල්ල කරමින් ලකුණු 55ක් ලබා ගත්තේ පන්දු 57කට පමණක් මුහුණ දිමෙනි.

ලකුණු අතර සිටිඅනෙක් පිතිකරුවන් වුයේ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම (33),  නිමඳ මධුශංඛ (35) සහ ඉෂාන් ජයරත්න (31) සහ රවිදු ප්‍රනාන්දු (24) ලකුණු 20 සීමාව ඉක්මවාලූ පිතිකරුවන් බවට පත්විය.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා

ලකුණු පුවරුව

ජැෆ්නා පන්දුවාර 49.5කදී සියල්ල දැවී 263 යි – ( සංතූෂ් ගුණතිලක 57 ධනංජය ද සිල්වා 55 නිමද මධුශංඛ 35 සදීර සමරවික්‍රම 33 ,ඉෂාන් ජයරත්න 31, රවිඳු ප්‍රනාන්දු 24, ධනංජය ලකෂාන් 37/3, මුදිත ලක්ෂාන් 44/3, හේෂාන් හෙට්ටිආරච්චි 36/2)

ගාල්ල පන්දුවාර 36.2 කදී සියලුදෙනා දැවී 175 යි – (ජෙහාන් ඩැනියල් 36, ධනංජය ලක්ෂාන් 34 ,පබසර වඩුගේ 24, හිමාෂ ලියනගේ 21, දුෂාන් විමුක්ති 21, හෙෂාන් හෙට්ටිආරච්චි 13, ධනංජය ද සිල්වා 27/4,ඉෂාන් ජයරත්න 27/2)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest