slc
Home   |    News
ජනවාරි 8, 2022
තහනමට ලක්වූ තිදෙනා නිදහස් කරයි

sinhala editor

වසරක ජාත්‍යන්තර තරග තහනමකට මුහුණ දී සිටි කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට එරෙහිව පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අද (07 දා) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව තීරණය කළේය.  

ඉකුත්දා නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තමන්ට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත් කරන මෙන් මොවුන් තිදෙනා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විධායක කමිටුව විසින් ඉහත තීරණය ගනු ලැබීය.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමේදී  තරග තහනමට ලක්ව සිටි කාලයේදී ඔවුන් වෙත උපදේශන ලබා දුන් වෛද්‍යවරයාගෙන්ද වාර්තාවක් කැඳවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ලැබූ අතර ඔවුන් තිදෙනාට එරෙහිව වූ තහනම ලිහිල් කිරීමේදී එම වාර්තාවේ කරුණුද සැලකිල්ලට ගනු ලැබීය.

කෙසේ වෙතත් අද ඉවත් කෙරුණු තහනම තවත් වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවනු ලබන අතර, එම කාලය තුළ යළිත් මොවුන් තිදෙනාගේ හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.

මෙම තීරණයත් සමග, මොවුන් තිදෙනාට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි වන අතර අනිවාර්ය යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූලව ජාතික තේරීම් සඳහා ද ඉදිරිපත්වීමේ හැකියාව පවතිනු ඇත.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest