slc
logo
Home   |    News
ජනවාරි 20, 2022
දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් පිලට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2021 වසරට අදාළව ප්‍රකාශයටපත් කරන ලද වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින්ද කටයුතු කරනු ලබන කරුණාරත්න ඇතුළත් ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක ටෙස්ට් ශූරතාවලියේ කිරුළ දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර තිබේ.

නම් කරන ලද හොඳම ටෙස්ට් කණ්ඩායමට ඉන්දියාව සහ පාකිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනා බැගින්ද, ඔස්ට්‍රේලියාව, එංතගලන්තය සහ ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු බැගින්ද නම් කරන ලද කණ්ඩායමට ඇතළත්ව සිටිති. මෙහි කැපී පෙනෙන සිදුවීම වන්නේ ලොව ප්‍රමුඛ පෙළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව ඇතුළු සෙසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් නියෝජනය කරමින් එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීමයි.

ශ්‍රී ලංකාවේ පරිදිම ආරම්භක පිතිකරුවා ලෙසින් කරුණාරත්ව කණ්ඩායමට එක් කර තිබේ. ගෙවී ගිය වසරේදී ඔහු තරග 7 කදී ශතක සහතරක් සමඟින් ලකුණු 902 ක් ලබා ගැනීමට සමත්ව සිටින වමත් පිතිකරුවාගේ ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 69.38 ක් ලෙස සටහන් වේ. එයට බංග්ලාදේශයට එරෙහිව පල්ලකැලේදී රැස් කරන ලද ද්විත්ව ශතකයත්, වොන්ඩරස්හි දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කරන ලද ශතකයත් ඒ අතර කැපී පෙනෙයි.

අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න, රෝහිත් ෂර්මා, මානස් ලබුෂේක්, ජෝ රූට්, කේන් විලියම්සන්, ෆාඩ් අලාම්. රිෂාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින්, කයිල් ජේමිසන්, හසන් අලී, ශහීන් අෆ්රිඩි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar