slc
Home   |    News
ජනවාරි 13, 2022
දෙවැනි පුහුණු තරගයත් යොවුන් පිල ඉහළින් දිනයි

sinhala editor

යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි උගන්ඩාවට එරෙහි දෙවැනි පුහුණු තරගයද ලකුණු 231 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (13 දා) අලුයම සමත්වූහ. ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කරන ලදුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී උගන්ඩා පිල ලකුණු 46 කට සීමා කිරීමට සමත්වීම කැපී පෙනෙයි.

ලකුණු 278 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි උඩගන්ඩා කණ්ඩායමට මුල සිටම දැඩි අභීයෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු නායක දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 3 ක් යවමින් එකම ලකුණක් හෝ ලබා නොදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඔහුට අමතරව වේග පන්දු යවන යසිරු රොද්‍රගෝ සහ චමිඳු වික්‍රමසිංහ කඩුලු 2 බැගින් දවාලූහ.

පන්දු යැවීමේදී උගන්ඩා පිලේ බ්‍රයන් අසාබා ලකුණු 13 ක් රැස් කිරීම හැරුණු කොට සෙසු එකම පිතිකරුවකට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙසින් චමිඳු වික්‍රමසිංහව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක් වූ ෂෙවෝන් ඩැනියල් සහ සදීෂ රාජපක්ෂ ලකුණු 96 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් එලූහ.

පන්දු 90 කට මුහුණ දුන් සදීෂ හතරේ පහර 9 ක් සමඟ නොදැවී ලකුණු 75 ක් ලබා ඉනිම අත්හිටුවී පිටියෙන් ඉවත්විය. පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් කරමින් අංක 4 පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක වෙල්ලාලගේ පන්දු 19 කදී ලකුණු 16 ක් රැස් කර ගත්තේ හයේ පහර 2 ක් ද සමඟිනි. මුලු ලකුණු සංඛ්‍යාව 202 ක්ව තිබියදී පිටියට එක් වූ සකුන ලියනගේ සහ යසිරු රොද්‍රගෝ පිළිවෙළින් ලකුණු 23 සහ 32 බැගින් ලබා ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 277 යි – (සදීෂ රාජපක්ෂ 75, ෂෙවෝන් ඩැනියල් 46, දුනිත් වෙල්ලාලගේ 16, පවන් පතිරාජ 21, රනුද සෝමරත්න 14, සකුන ලියනගේ 23, යසිරු රොද්‍රගෝ 32*, වනුජ සහන් 15*, පැස්කල් මරුන්ගි 63/2, ජෝසප් බගුමා 25/2)

උගන්ඩා පන්දුවාර 21.2 කදී සියලු දෙනා දැවී ලකුණු 46 යි – (බ්‍රයන් අසබා 13, දුනිත් වෙල්ලාලගේ 00/4, යසුරු රොද්‍රගෝ 06/2, චමිඳු වික්‍රමසිංහ 05/2, වනිජ සහන් 03/1, මල්ෂ තරුපති 00/1)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest