slc
logo
Home   |    News
ජනවාරි 24, 2022
ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා යාපනයට ජය ගෙනෙයි

sinhala editor

By Chamila Karawita

නායක ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද ආරම්භ වුණු නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 176 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම අද (24 දා) සමත්විය.

ලකුණු 256 ක ඉලක්කයක් හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායම පන්දුවාර 25.5 ක් අවසානයේ ලකුණු 79 කට සීමා කිරීමට යාපනය පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ධනංජය ද සිල්වා නිලකුණු පන්දුවාර 2 ක් ද සමඟ පන්දුවාර 4 කදී ලකුණු 05 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජෙෆ්රි වැන්ඩර්සි සහ දිලුම් සුධීර මෙන්ම ඉෂාන් ජයරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

දඹුල්ල පිතිකරුවන් ලකුණු රැස් කිරීමේදී 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට උක්ත පන්දු යවන්නෝ වග බලා ගත්හ. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ අශාන් ප්‍රියන්ජන් වන අතර හේ පන්දු 42 කදී ලකුණු 32 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් යාපනය පිල වෙනුවෙන් පන්දුවාර 47.1 කදී ලකුණු 255 ක් රැස් කිරීමට යාපනය පිල සමත්විය. පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහර දීමේදද කැපී පෙනුණු ධනංජය පන්දු 64 කදී ලකුණු 69 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වූවේය. හතරේ පහර 10 කින් වර්ණවත් වුණු ධනංජයගේ ඉනිමත් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සංතුෂ් ගුණතිලක සමඟ එක්ව රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව පන්දු 71 කදී ලකුණු 81 ක් විය. පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

ලකුණු සාරාංශය

යාපනය පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 255 යි – (සදීර සමරවික්‍රම 40, ළහිරු තිරිමාන්න 28, ධනංජය ද සිල්වා 69, සංතුෂ් ගුණතිලක 33, ඉෂාන් ජයරත්න 44, විශ්ව ප්‍රනාන්දු 41/3, ලක්ෂාන් සඳකැන් 44/3)

දඹුල්ල පන්දුවාර 25.5 කදී සියලු දෙනා දැවී ලකුණු 79 යි – (අශාන් ප්‍රියන්ජන් 32, ධනංජය ද සිල්වා 05/3, දිලුම් සුධීර 10/2, ජෙෆ්රි වැන්ඩර්සි 12/2, ඉෂාන් ජයරත්න 22/2)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee