slc
Home   |    News
ජනවාරි 19, 2022
‘නැෂනල් සුපර් ලීග්’ එක්දින තරගාවලිය ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

මෙරට පවත්වනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලි අතර ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ‘නැෂනල් සුපර් ලීග්’ (NSL) -2022 තරගාවලිය  ජනවාරි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය බවට පත්වන නැෂනල් සුපර් ලීග් තරගාවලිය එක්දින සීමිත පන්දුවාර තරගාවලියෙන් ආරම්භ වන අතර එය නිමාවට පත්වූ වහාම සිව්දින තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තුවේ.

දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 26 අතුරින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් මෙම නැෂනල් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 අතරේ බෙදී යනු ඇත. ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින්ද දඹුල්ල කණ්ඩායම සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින්ද බෙදී ගොස් තිබේ.

මෙම තරගාවලිය ක්‍රියාත්මක වීමෙන් පසු මෙරට ජාතික තලයේ සියලුම තේරීම සඳහා මූලික කරගනු ලබන තරගාවලිය වන්නේ ජනවාරි 24 වැනිදායින් ආරම්භ වන නැෂනල් සුපර් ලීග් තරගාවලිය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. මෙම තරගාවලිය සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අයුරින් ක්‍රීඩකයින් 100 දෙනෙකු තරග වදිනු ලබන අතර මින් ඉදිරියේදී ජාතික කණ්ඩායම තේරීමේදී ඔවුන්ගේ කුසලතා, දක්ෂතාවයන්  සහ හැකියාවන් මත පදනම් වනු ඇත.

නැෂනල් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමක්ම විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් බැගින් ලබා දීමට කටයුතු කර තිබෙන අතර තණතීරුවලින් සමන්විත තමන්ගේම ක්‍රීඩාංගණයක්, පැති පුහුණු තණතීරු, ගෘහස්ථ පුහුණුවීම් සඳහා ඇති පහසුකම් මෙන්ම නාන තටාකාංගණයක් යන කරුණු ඒ සඳහා නිර්ණායකයන් වී තිබේ. ඒ අනුව සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන ඒ ඒ කණ්ඩායම් සඳහා විශිෂ්ඨතා කේන්ද්‍ර වශයෙන්, එන්.සී.සී, එස්.එස්.සී, ටැමිල් යුනියන්, කෝල්ට්ස් සහ සී.සී.සී. යන ක්‍රීඩාංගණ නම් කර තිබේ.

මෙම තරගාවලිය හරහා ක්‍රීඩා සමාජ තරගාවලියද වැඩි දියුණු කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් හි බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ. මන්ද යත් ඉහතින් සඳහන් කළාක් මෙන් මින් ඉදිරියට ජාතික කණ්ඩායමේ සියලු තේරීම් කටයුතු සිදුකරනු ලබන්නේ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දක්ෂතා මත පදනම්ව වන බැවින් එම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා දේශීය ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් ඔවුන්ට හැකි උපරිමය ලබා දෙනු බැවිනි.

සෑම කණ්ඩායමකටම ප්‍රධාන පුහුණුකරුවකු සහ සහාය පුහුණුකරුවකුට අමතරව සහායක කාර්යය මණ්ඩලයක්ද ලබා දී තිබේ. ඒ අනුව කණ්ඩායමට ඇතුළත් වන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න තේරීම, තේරීම් කමිටුවේ නිලධාරියකු සමඟ එක්ව එම පුහුණු කාර්යය මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිතය. ජනවාරි 24 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය පෙබරවාරි මස 19 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු නිමාවට පත් වනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest