slc
Home   |    News
ජනවාරි 11, 2022
පුහුණු තරගයෙන් යොවුන් පිලට දැවැන්ත ජයක්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව වූ පුහුණු තරගයෙන් ලකුණු 128ක ජයක් ලබා ගත් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (11 දා) ලබාගත්තේය.
ගයානාහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 233ක් ලබාගැනීමට සමත්වද්දී ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත පිලට රැස් කරගත හැකිවූයේ පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 105 ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂෙවෝන් ඩැනියල් නොදැවී ලකුණු 75 ක් ලබාගෙන දස්කම් දක්වද්දී, රනුද සෝමරත්න සහ පවන් පතිරාජ පිළිවෙළින් ලකුණු 33ක් සහ ලකුණු 25ක් ලබා ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියල් පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක  සබඳතාවක් පැවැත්වූහ.

මැද පෙළින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් සියලුම දෙනාම මේ තරගයේ දී ලකුණු අතරට පිවිසීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

සෙසු ක්‍රීඩකයින්ටද පන්දුවට පහරදීමේ අවස්ථාව සලසාලමින් පන්දු 72කදී ලකුණු 75 ක් ලබාගෙන සිටි ශෙවෝන් පිටියෙන් ඉවත්ව ගිය අතර ඒ වන විටත් එම ඉනිමට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබිණ.

මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 7න් තුනක්ම දුවද්දී දැවී යාම්වීම කණගාටුුවට කරුණකි. .

පිළිතුරු ඉනිම දියත් කළ අයර්ලන්ත පිතිකරුවන් අතරින් තරමක් හෝ අභියෝගයක් එල්ල කළේ කඩුලු රකින පිතිකරු ජොෂුවා කොක්ස් වන අතර ඔහු පන්දු 86ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 44 ක් රැස් කර ගත්තේය. ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් කිසිඳු පිතිකරුවෙක් හට ලකුණු 11 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන්හ.
වමතින් දඟපන්දු යවන වනුජ සහන් ලකුණු 5කට කඩුලු 3ක් දවාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වෙද්දී, චමිඳු, රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ අතරේ කඩුලු 2ක බැගින් දවාගනු ලැබූහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් අතිරේක ලකුණු 22 ක් පිරිනමා තිබුණු අතර ඉන් 19 ක්ම වයිඩ් පන්දු ලෙසින් සටහන්ව තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන සහ අවසන් පුහුණු තරගය මේ මස 12 වැනිදා උගන්ඩාවට එාරහිව පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50දී කඩුලු  7 ට ලකුණු  – 233 යි (ශෙවෝන් ඩැනියල් 75*, රනුද සෝමරත්න 33, පවන් පතිරාජ 25, නේදන මැක්ගර් 20/2)

අයර්ලන්ත යොවුන් පිල පන්දුවාර 34.1 කදී ලකුණු 105 යි (ජොෂුවා කොක්ස් 44*, වනුජ සහන් 05/3චමිඳු වික්‍රමසිංහ 08/2, රවීන් ද සිල්වා 16/2, මතීෂ පතිරණ 16/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest