slc
Home   |    News
ජනවාරි 13, 2022
රට ගැන සිතා භානුක ‘ඉල්ලා අස්වීම’ අස්කර ගනියි

sinhala editor

තමන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනා බවත්, එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කරමින් භාර දුන් ලිපිය තමන් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

සිය තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින ඉදිරි පෙළ වමත් පිතිකරුවා තමන් ආදරය කරන ක්‍රීඩාවන වෙනුවෙන් ඉදිරි වසර කීපයේදී තම රට නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

පවුල් ජීවිතයට මුල් තැනදීමට අවශ්‍ය නිසා ක්‍රිකට් පිටියට සමුදෙන බව සඳහන් කරමින් ජනවාරි මස 03 වැනි දින භානුක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දන්වා තිබුණි. එම දැනුම් දීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද හදිසි තීරණය ගැන නැවත සලකා බලන මෙන් ප්‍රසිද්ධියේම ඉල්ලීමක් සිදු කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ තේරීම් කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවෙන් පසු සමුගැනීම පිළිබඳව තමන් ගත් තීරණය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest