slc
Home   |    News
ජනවාරි 5, 2022
රුමේෂ් – රුවින් ජාතික පිලට

sinhala editor

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ වන විට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රත්නායක මහතා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබේ.

මීට අමතරව එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතාව පත් කර තිබේ. ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අනුයුක්තව සවෙය කරන රුවින් පීරිස් මහතාගේ පත්වීමද සිම්බාබ්වේ තරගාවලිය සඳහා පමණි.

තරග 3 කින් සමන්විත එම එක්දින තරගාවලිය ජනවාරි මස 16, 18හ 21 යන දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වෙත ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා වන මහේල ජයවර්ධන මහතා, මෙම ජනවාරි මස 09 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest