slc
Home   |    News
ජනවාරි 10, 2022
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පෙරමුණට

sinhala editor

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟින් ශ්‍රී ලංකාවට පෙරමුණට ගැනීමට හැකියාව ලැබී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර සිටින ශ්‍රී ලංකාව එම තරග 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 24 ක් ලබා සිටින්නේ ජයග්‍රාහී ප්‍රතිශතකය 100% ක් තබා ගනිමිනි. සිව්වැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රාහී ප්‍රතිශතය 83.33% දක්වා අඩු වී තිබේ. අලු බඳුන තරගාවලිය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉන් තරග 3 ක් ජය ගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටියි.

මෙම සටහනේ ජයග්‍රාහී ප්‍රතිශතය 75% ක් රඳවාගෙන සිටින පාකිස්තානු පිල තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැඳෙද්දී දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථාන වල රැඳී සිටිති. ඉකුත් වර ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වුණු නවසීලන්ත කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ලද පරාජයත් සමඟ 8 වැනි ස්ථානයේදී එංගලලන්ත පිල 9 වැනි ස්ථානයේදී පසුවෙයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest