slc
Home   |    News
ජනවාරි 1, 2022
ශ්‍රී ලංකාව අනුශූරයෝ වෙයි

Sri Lanka Cricket

ඩුබායිහි අද (31) පැවැති ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් අවසාන මහා තරගයේ දී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ඉන්දියාව කඩුලු නවයකින් ශ්‍රී ලංකාව පරදා නැවත වතාවක් ආසියානු ශුරයින් බවට පත්විය.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී පන්දුවාර 33කදී කඩුලු 7කට ලකුණු 74ක් ලබා සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා ඇති වූයෙන් මේ තරගය පන්දුවාර 38කට සීමාකැරිණි. නැවත තරගය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව පන්දුවාර  38 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාසිටියේ ලකුණු 106කි.

ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ක්‍රමය අනුව ලකුණු 99ක් (පන්දුවාර 38කදී) අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවාර 21.3කදී කඩුල්ලක් දැවී ලකුණු 104ක් ලබා මේ ජයග්‍රහණය අත්කර ගත්තේය.

ඉන්දියාව මෙවර ආසියානු යොවුන් ක්‍රිකට් සූරතාව දිනාගත්තේ අටවන වතාවටය. අවසාන වරට පැවැති යොවුන් ක්‍රිකට් තරගාවලියේ සූරයන් වූයේද ඉන්දියාවය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 38දී කඩුලු 9ට 106යි – (යසිරු රුද්‍රිගෝ නොදැවී 19, රවීන් ද සිල්වා 15, මතීෂ පතිරණ 14, සදීෂ රාජපක්ෂ 14, විකි ඕස්ට්වාල් 11/3යි , කෞෂාල් ටම්බෙ 23/2)

ඉන්දියාව පන්දුවාර 21.3කදී කඩුල්ලක් දැවී 104යි – (අන්ග්ක්‍රිස් රගුවන්සි නොදැවී 56, ෂයික් රෂිඩ් නොදැවී 31, යසිරු රුද්‍රිගෝ 12/1යි)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest