slc
Home   |    News
පෙබරවාරි 2, 2022
කඩුලු ත්‍රිත්වයත් සමඟ පන්දු යවන්නන් අතර පුලින තරංග පෙරමුණට

sinhala editor

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී පන්දු යවන්නකු වාර්තා කරන ලද පළමු කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීමට කැන්ඩි කණ්ඩායමේ පා දඟ පන්දු යවන පුලින් තරංග හිමිකම් කීවේය. ඒ ගාල්ල කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදීය. ලකුණු 96 ක ජයක් කැන්ඩි පිලට හිමිවූ මෙම තරගයේදී 25 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට කවිෂ්ක අංජුලවත්, හය වැනි පන්දුවේදී මුදිත ලක්ෂාන්වත් දවා ගත් පුලින අනතුරුව නැවතත් 27 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටම පබසර වඩුගේව දවා ගනිමින් පළමු කඩුලු ත්‍රිත්ව ලාභියා බවට පත්වූවේය. මෙම තරගයේදී පන්දුවාර 7.2 ක් යැවූ පුලින ලකුණු 29 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

මෙම දක්ෂතාවයත් සමඟ මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද පුලින සමත්ව සිටියි. මෙතෙක් තරග 4 කට ක්‍රීඩා කර පුලින මේ වන විට කඩුලු 11 ක් දවා ගෙන සිටින්ටනේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.81 ක් රඳවා තබා ගනිමිනි.  පන්දුවාරයකට ලකුණු 4.67 ක අගයක් ලබා දී තිබෙන දකුණත් පිට දඟ පන්දු යවන්නාට පසු සිටින්නේ ගාල්ල කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් වේ. ඔහු තරග 4 කදී කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

මේ අතර පිතිකරුවන් අතර ඕෂද ප්‍රනාන්දු පෙරමුණ ගෙන සිටියි. තරග 4 කට ක්‍රීඩා කර ඇති ඕෂද ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් මුලු ලකුණු 218 ක් රැස් කරගෙන සිටියි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54.50 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවා දඹුල්ල පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 138 මෙතෙක් තරගාවලියේ පිතිකරුවකු ලද පළමු ශතකය බවටද පත්ව තිබ්. සධීර සමරවික්‍රම ඔහුට පිටුපසින් සිටින්නේ ලකුණු 182 ක් රැස් කරමිනි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest