slc
Home   |    News
පෙබරවාරි 10, 2022
‘කලම්බු’ පිලේ අවසන් මහ තරග බලාපොරොත්තු ‘කැන්ඩි’ සුන් කරයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ඕෂද ප්‍රනාන්දුගේ ධෛර්යවන්ත පිතිහරඹයද සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සමඟ එක්ව ගොනංවන ලද ලකුණු 128 ක සම්බන්ධතාව ප්‍රධානකොට නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණය සමඟ අවසන් මහ තරග වරම සඳහා කැන්ඩි කණ්ඩායම පහසුවෙන් ළඟාවද්දී කලම්බු කණ්ඩායමේ අවසන් මහ තරග බාලාපොරොත්තුව සුන් විය.

පල්ලකැලේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායම 29 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී තහවුරු කර ගත්තේය. ඒ වනවිටත් කලම්බු පන්දු යවන්නන් දවා ගැනීමට සමත්ව සිටියේ කඩුලු 4 ක් පමණි.

ජයග්‍රහණයේ වැඩි හවුල්කරුවන් වූ ඕෂද ප්‍රනාන්දු පන්දු 94 කදී ලකුණු 85 ක් ලබා සිටියේ සිය ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හයේ පහරක් හෝ වාර්තා නොවුණු එම ඉනිම හතරේ පහර 6 කින් පමණක් වර්ණවත්ව තිබිණ. ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 76 කදී ලකුණු 64 ක් ලබා ගත්තේය. හතරේ පහර 7 කින් වර්ණවත් වුණු ආරච්චිගේ ඉනිමෙන් පසු ජයග්‍රහණය වේගවත් කළ පුලින තරංග පන්දු 22 කදී වේගවත් ලකුණු 32 ක් ලබා ගත්තේය. නායකයා දික්වැල්ල ලකුණු 26 ක් තිබියදී දැවී ගියත් කවීන් බණ්ඩාර සහ ළහිරු උදාර දෙවැනි කඩුල්ලට ලකුණු 45 ක් එක් කළහ. කෙසේ වෙතත් දුර්වල පන්දු රැකීම්, උඩ පන්දු අත හැරීම් මෙන්ම පසු පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවය කලම්බු පිලේ අවසන් මහ තරග බලාපොරොත්තුව සුන් කරවීමට හේතු කාරක වූහ.   

අද තරගයේදී වු සුවිශේෂි සිදුවීම වූයේ නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශතකයට හිමිකම් කීමට කලම්බු පිලේ නුවනිඳු ප්‍රනාන්දු සමත්වීමයි. මීට දින 2 කට ඉහතදී දඹුල්ලට එරෙහිව පැවැති තරගයේදී පන්දු 81 කදී ලකුණු 100 ක් ලබා ගත් නුවනිඳු අද දිනයේ වාර්තා කර ගන්නා ලද ශතකයත් සමඟ මෙවර තරගාවලියේ ශතක දෙකක් ලද එකම පිතිකරුවා බවට පත්වූවේය. එපමණක් නොව මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරද පෙරමුණ ගැනීමට නුවනිඳු සමත්ව සිටියි. ඒ අනුව තරග 6 කට ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරුවා ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54.66 ක් රඳවා ගනිමින් මුලු ලකුණ් 328 ක් ලබා ගෙන සිටියි. ඊට අද වාර්තා කරන ලද ශතකයද සමඟ ශතක 2 ක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වේ.

පෙර ශතකය තරම් වේගවත් නොවුණත් නුවනිඳගේ අද ශතකය කලම්බු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට බෙහෙවින් දායකත්වය දැක්වූවේය. නුවනිඳුගේ ඉනිම වටා කලම්බු ඉනිම ගොඩ නැඟිණ. පන්දු 133 කට මුහුණ දුන් නුවනිඳු අද දිනයේදී ලකුණු 112 ක් ලබා ගත්තේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගනිමිනි.

නුවනිඳුගේ ශතකය මෙවර තරග වාරයේ වාර්තා වුණු 5 වැනි ශතකය වූ අතර මීට පෙර ඕෂද ප්‍රනාන්දු (138), ධනංජය ද සිල්වා (102), සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ. නුවනිඳුගේ ඉනිම ප්‍රධාන කොට කලම්බු පිල පන්දුවාර 49.3 කදී ලකුණු 271 ක් වාර්තා කර ගැනීමට සමත්විය.

පෙර තරගයේදී ශතක ලාභියකු වූ සිතාර ගිම්හාන් දැවී යෑමත් සමඟ පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු දිමුත් කරුනාරත්න එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක් කළේය. නිරෝෂන් දික්වැල්ලගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ කලම්බු නායකයාගේ ඉනිම ලකුණු 29 කදී සීමා වුවද පවත්වාගෙන ආ පිතිකරණ රිද්මය එලෙසින්ම රඳවා ගත් නුවනිඳු ශම්මු අශාන් සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට තවත් ලකුණු 109 ක් එක් කළහ. ඒ වෙනුවෙන් ශම්මිුගේ දායකත්වය පන්දු 70 කදී ලකුණු 62 කි.

පුලින තරංගගේ පන්දුවක් හමුවේ දැවී ගිය පස්වැනි පිතිකරුවා ලෙසින් නුවනිඳු පිටියෙන් ඉවත්වූවේය. ඒ වන විටත් මුලු ලකුණු සංඛ්‍යාව 254 ක් ලෙස සටහන් ව තිබුණු එම අවස්ථාවෙන් පසු ආක්‍රමණය වැඩි කළ කැන්ඩි පන්දු යවන්නෝ ඉතිරි කඩුලු 5 ම ලකුණු 17 කදී බිඳ දැම්මේ පන්දුවාර 50 අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදීය. පන්දු යැවීමේදී පුලින තරංග සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.  

තරගයේ වීරයා – ඕෂද ප්‍රනාන්දු

ලකුණු සාරාංශය

කලම්බු පන්දුවාර 49.3 කදී ලකුණු 271 යි – (නුවනිඳු ප්‍රනාන්දු 112, දිමුත් කරුණාරත්න 29, ශම්මි අශාන් 62, අෂේන් බණ්ඩාර 20, සිතාර ගිම්හාන් 18, පුලින තරංග 66/3, අසිත ප්‍රනාන්දු 41/3)

කැන්ඩි පන්දුවාර 48.5 කදී කඩුලු 4 ට ලකුණු 272 යි – (ඕෂද ප්‍රනාන්දු 85*, නිරෝෂන් දික්වැල්ල 16, ළහිරු උදාර 34, කවීන් බණ්ඩාර 25, සහන් ආරච්චිගේ 64, පුලින තරංග 32*, ළහිරු මදුශංක 34/2)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest