slc
Home   |    News
පෙබරවාරි 8, 2022
කුසල් මෙන්ඩිස්ටත් ‘කොවිඩ්’ ආසාධනය වෙයි

sinhala editor

තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ඔස්‍ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී තිබේ. මෙම මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර විස්සයි-20 තරගාවලියට පෙර ඊයේ (07 වැනිදා) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකදී මෙන්ඩිස්ට අදාළ වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වී තිබේ.

රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයෙන් වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගැනීමෙන් පසු එදිනම පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකර තිබෙන අතර එම වාර්තාවෙන්ද ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වී තිබේ. මෙම තත්ත්වය මත මෙන්ඩිස්ව සඳුදා දිනයේ සිට ප්‍රතිකාර සහිතව නීරෝධායනට  ලක් කර කිරීමට වෛද්‍ය අංශය පියවර ගෙන තිබේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest