slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2022
කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට එක් වෙයි

sinhala editor

කොවිඩ් වෛසරය ආසාධනය වීම නිසා පළමු විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හෙට (15 දා) පැවැත්වීමට නියමිත තෙවැනි තරගය සඳහා පූර්ණ සුවය ලබා සිටියි. මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.40 ට ආරම්භ වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයට පෙර පෙබරවාරි මස 07 වැනිදා සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කුසල්ට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බවට හඳුනා ගැණින. අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන ලදුව එහි ප්‍රතිඵලයද වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු කළේය. ඒ අනුව ඔහුව නීරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම නිසා පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූවේය.

පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ  බලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කළ පරිදිම දින 7 ක කාලය අවසන් වීමෙන් පසු නැවතත් පී. සී. ආර්. පරීක්ෂණයකට පෙබරවාරි 13 වැනි දින යොමු කරන ලද අතර එහි ප්‍රතිඵලය සෘණාත්මකවීම නිසා කණ්ඩායම සමඟ එකතුවීමට ඔහුට අවස්ථාව ලැබිණ. පළමු තරග දෙකට කුසල් මෙන්ඩිස්ගේ දායකත්වය අහිමිවීම නිසා දිනේෂ් චන්දිමාල් විසින් කඩුලු රැකීමේ කාර්යයේ නිරත විය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

USD United States (US) dollar