slc
logo
Home   |    News
පෙබරවාරි 7, 2022
ඩැනියෙල්ගේ පන්දු යැවීමෙන් ජැෆ්නා පසුබසියි

sinhala editor

කැන්ඩි කණ්ඩායමේ අෂේන් ඩැනියල්ගේ සුපිරි පන්දු යැවීමත් නායක නිරෝෂන් දික්වැල්ලගේ පිතිහරඹයත් හේතුවෙන් අද (7) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පහසුවෙන්ම ප්‍රබල ජැෆ්නා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත්කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

ප්‍රබල පිතිකරුවන්  රැසකින් සමන්විත ජැෆ්නා  කණ්ඩායම අසීරුතාවයකට පත් කළ අෂේන් ඩැනියල් ලකුණු 27කට කඩුලු 5 ක් සහ සහන් ආරච්චිගේ ලකුණු තුනකට කඩුලු දෙකක් ද දවාලීමෙන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 109 ක් දවාලීමට මුල්වූහ. ඉලක්කය පහසු ජයග්‍රහණය හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ ලකුණු 110ක් ඉක්මනින්ම ලබා ගත්තේ පන්දු 138 ක් සහ කඩුලු පහක් ලකුණු පුවරුවේ ඉතිරි කර තබමිනි.

කැන්ඩි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක නිරෝෂන් දික්වැල්ල හතරේ පහර අටක් සමග පන්දු 34 කදී ලකුණු 45ක් රැස් කළේය.  තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සහන් ආරච්චිගේ ලකුණු රැස් කිරීමේදී ද නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය.

ඉලක්කයක් හඹා යාමේදී කැන්ඩි ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල  (45) සහ ළහිරු උදාර මුල් විකට්ටුවට පන්දු 27කදී ලකුණු 32ක් රැස් කරමින් සෙසු පිතිකරුවනට ඉක්මනින් ජයග්‍රහණය කරා යාමට අවස්ථාව උදාකර දුන්හ.

කැන්ඩි කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ජැෆ්නා කණ්ඩායම පැවරීමය.ජැෆ්නා ආරම්භක කඩුල්ලට සධීර සමරවික්‍රම සහ ළහිරු තිරිමාන්න ලබා දුන් ලකුණු 42 ක සාර්ථක ආරම්භය හැරෙන්නට කිසිදු පිතිකරුවෙකු ලකුණු අතරට පිවිසියේ නොමැත.මොවුන්ගේ ලකුණු රැස්කිරීමේ වේගයද පැවතුනේ 3.59 ක් වැනි අඩුම වේගයක ය.

වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා  වූ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලකුණු 31ක් රැස්කළේ පන්දු 30කට මුහුණදී හතරේ පහර පහක් එල්ල කරමිනි.සෙසු එකම පිතිකරුවකු ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අපොහොසත්වූහ.

හොඳම පන්දු  යැවීම සිදුකල අෂේන් ඩැනියල් ලකුණු 27කට කඩුලු පහක් දවාලුවේ පන්දුවාර 6.2ක් පමණක් යවමිනි.

තරගයේ වීරයා – අෂේන් ඩැනියෙල්

ලකුණු පුවරුව‍

ජැෆ්නා පන්දුවාර 30.3කදී සියල්ල දැවී 109 යි – (සධීර සමරවික්‍රම 31,ඉෂාන් ජයරත්න  13,දමිත සිල්වා 12, ප්‍රමෝද් මධුෂාන් 11,නිමද මධුශංඛ 10,අෂේන් ඩැනියල් 27/5, සහන් ආරච්චිගේ 3/2)

කැන්ඩි පන්දුවාර 27කදී කඩුලු 5ට 110 – (නිරෝෂන් දික්වැල්ල 45, සහන් ආරච්චිගේ  නොදැවී 20, කවීන් බණ්ඩාර 11,නුවන් ප්‍රදීප් 19/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee