slc
Home   |    News
පෙබරවාරි 25, 2022
තිරිමාන්න, දික්වැල්ල සහ මෙන්ඩිස් යළි ටෙස්ට් පිටියට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද (25 දා) අළුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් විය.

නම් කරන ලද ටෙස්ට් කණ්ඩායමට කුසල් මේනඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්න නැවතත් නම් කර තිබීම කැපී පෙනෙයි. මීට අමතරව කලකට පසු ජෙෆ්රි වැන්ඩර්සිටද රතු පන්දුවෙන් වූ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම කැපී පෙනෙයි.

ඉකුත් වසරේ පැවැති එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල කඩවන අයුරින් හැසිරුණේ යැයි දික්වැල්ල සහ මෙන්ඩිස් දෙදෙනාටම ජාත්‍යන්තර තරග පිටිය තහනම් වුණු අතර එම ඉවත් කිරීමෙන් පසු මොවුන් යුගල ටෙස්ට් කණ්ඩායමකට නම් කරන ලද පළමු අවස්ථාව වශයෙන් මෙම තරගාවලිය හැඳින්විය හැකි. ඊට අමතරව 2015 වසරෙන් පසු ටෙස්ට් තරගයක් සඳහා ජෙෆ්රි වැන්ඩර්සිව නම් කර තිබේ.

කණ්ඩායමට එක්ව සිටින ළහිරු තිරිමාන්න පීතෘ නිවාඩු ලබා සිටි හෙයින් ඔහුට ඉකුත් නොවැම්බර් මසදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. ඊට පෙර ඔහු ක්‍රීඩා කරන ලද ඉනිම 11 දී ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියි.

කෙසේ වෙතත් කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කෙරුණු කණ්ඩායමේ ඕෂද ප්‍රනානස්දු, මිනෝද් භානුක, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන් සහ චාමික ගුණසේකරට මෙම තරගාවලියේදී ස්ථානය අහිමිවී තිබේ. ආබාධයක් හේතුවෙන් රමේෂ් මෙන්ඩිස් මෙම තරගාවලියට ඇතුළත් කර නොමැත.

ඉන්දියාවට එරෙහි තරගාවලියෙන් පසු ටෙස්ට් දිවියට සමුදීමට බලාපොරොත්තුවෙන් පසුවන වේග පන්දු යවන සුරංග ලක්මාල් එම බල ඇණියේ ප්‍රධානියා වද්දී ඔහුගේ සහායට, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර මෙන්ම අවශ්‍ය විටෙක චාමික කරුණාරත්නද වේග පන්දු යවන්නන් ලෙසින් එක්ව සිටිති.

ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටින නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා හෙට පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගාවලියේ සිට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතව තිබේ. කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ ආබාධයන් වලට ගොදුරුව සිටින බැවින් ඔවුන් වෙනුවට මොවුන් දෙදෙනාම එම කණ්ඩායමට එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. තීක්ෂණ සහ මෙන්ඩිස් මස්පිඩු ඉරීයෑමේ ආබාධයන් වලට ගොදුරුව සිටින අතර ඒ අතරින් මහීෂ් තීක්ෂණ සහ ඔස්ට්‍රේලියාවේදී කොවිඩ් ආසාධනය වුණු වනිඳු හසරංගද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.  

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදා මොහාලිහිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා (උප නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය.  

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest