slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2022
දසුන්ගේ උත්සාහය යළිත් අපතේ යයි

sinhala editor

පිට පිටම තෙවැනි වතාවටත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත්වීම හේතුවෙන් ධරම්සාලාහිදී පෙබරවාරි 27 වැනිදා පැවැති තුන්වැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය. මෙය ඉන්දීය පිල පිට පිටම ලද 12 වැනි විස්සයි-20 තරග ජය ලෙසින්ද සටහන් විය.

ඉදිරි පෙළ පිතිකරුවන් යළිත් දුර්වල වුවද යළිත් ලකුණු අතරට පිවිසි නායක දසුන් ශානක පන්දු 45 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 73 ක ඉනිම හේතුවෙන් ලකුණු 147 ක ඉලක්කයක් ඉන්දියාව හමුවේ ලබා දීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ප්‍රබල පිතිකරුවන් ලැයිස්තුවකින් සමන්විත ඉන්දියාවට මෙය කිසිවිටෙකින්වත් අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවන බව පෙන්නුම් කරන ලද්දේ එම ඉලක්කය පන්දු 19 ක් ඉතිරිව තිබියදී  සපුරා ගැනීමට සමත්වීම හේතුවෙනි.

තරගාවලිය පුරාම සිය ආධිපත්‍ය රඳවා ගත් ශ්‍රෙයාස් අයියර් ලකුණු 73 ක් රැස් කරන ලද්දේ සිය ඉනිම නොබිඳිව තබා ගනිමිනි. මෙම තරග 3 දීම ලකුණු 50 සීමාව ඉක්මව දකුණත් පිතිකරුවාව එකම වරක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීමද කැපී පෙනෙයි. තරග 3 දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ප්‍රතිවාධියා වූ අය්යර් මෙම ලකුණු 73 ට අමතරව දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 74 ක් සහ පමු තරගයේදී නොදැවී ලකුණු 57 ක් වශයෙන් ලකුණු අතරට පැමිණියේය. ඔහුට අමතරව රවීන්ද්‍ර ජඩේජාවද අවස්ථා 3 දීම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය. ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් වන විට ජඩේජාගේ නම ඉදිරියෙන් පන්දු 15 කදී ලකුණු 22 ක් සටහන්ව තිබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පන්දුවාරයේදීම ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබාම දැවී ගියේය. අවසන් මාස කීපයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්වාසවන්තම පිතිකරුවාගේ රාජකාරිය ඉටු කිරීමට සමත්වූ පැතුම් නිස්සංකද එක් ලකුණකට අවේෂ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 05 ක් ලෙසින් සටහන්වි තිබිණ. යළිත් සිව්වැනි පන්දුවාරයේදී සිය ග්‍රහණය තර කළ අවේෂ් ඛාන් චරිත් අසලංකවද ලකුණු 4 කට දවා ගන්නා ලද්දේ සංචාරකයින්ව තවදුරටත් අසරණ කර දමමිනි. ආධුනික පිතිකරු ජනිත් ලියනගේද මුලු ලකුණු සංඛ්‍යාව 29 දී දැවී යන විට ශ්‍රී ලංකාව ඒ සඳහා පන්දු 45 ක් වැය කර තිබිණ. දෙවැනි තරගයේදී පන්දු 19 කදී වේගවත් ලකුණු 47 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 180 සීමාවට රැගෙන ගිය දසුන් ඊයේ දිනයේදීද ලකුණු 74 ක් රැස් කළේ නායකත්වයේ වගකීම හොඳින්ම ඉටු කරමිනි. හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු දසුන්ගේ ඉනිම හැරුණු විට වැඩිම ලකුණු ලෙසින් සනිටුහන් වූයේ ඉන්දීය කණ්ඩායම විසින් ලබා දුන් අතිරේක ලකුණු 24 වීම කණගාටුදායක විය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee