slc
Home   |    News
පෙබරවාරි 4, 2022
දීර්ඝතම විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකාව පිටත්ව යයි

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 03 වැනිතා අළුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

ද්වීපාර්ශ්වික තරගාවලි අතර ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කරනු ලබන දීර්ඝතම විස්සයි-20 තරගාවලිය බවට පත්ව තිබෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකු පිටත්ව ගියේය. තරගාවලිය සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කළත් නුවන් තුෂාරට සහ චාමික කරුණාරත්නට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබීම නිසා සංචාරක කණ්ඩායමට සමඟ පිටත්ව යෑමට ඔවුන්ට අවස්ථාවක් නොලැබිණ.  කෙසේ වෙතත් මොවුන් දෙදෙනාම ලබන 10 වැනිදා ප්‍රධාන පුහුණුකරු වන රුමේෂ් රත්නායක මහතා සමඟ කණ්ඩායමට එක්වනු ඇත.  ඔහුට අමතරව අභ්‍යාසක ලෙසින් කටයුතු කරනු ලබන ඩිල්ෂාන් ෆොන්සේකා මහතාටද කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා ඔහුද රත්නායක මහතා සමඟින් කණ්ඩායම සමඟ එක්වනු ඇත.

දෙරට අතර පළමු විස්සයි-20 තරගය පෙබරවාරි11 වැනිදා සිඩ්නිහිදී ආරම්භ වන අතර මෙල්බර්නිහි පෙබරවාරි 20 වැනිදා පැවැත්වෙන අවසන් තරගයෙන් තරගාවලිය නිමාවට පත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ජනිත් ලියනගේ, කමිල් මිශාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර,  දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි,  ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest