slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2022
දුවිඳු තිලකරත්න දඹුල්ලට පළමු ජය ගෙනෙයි

sinhala editor

දඹුල්ල කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10) ලකුණු 21කට ගාල්ල කඩුලු හතරක්ම දවාලමින් තම කණ්ඩායමට කඩුලු පහක ජයග්‍රහණයක් අත්කර දීමට ප්‍රබල පන්දු යැවීමක නිරත විණි. සිය පන්දුවාර දහයේදී  නිලකුණු පන්දුවාර දෙකක්ද සමඟ ලකුණු 21ක් පමණක්  ගබාදීමෙන් ගාල්ල මැද පෙළ පිතිකරුවන් සිව් දෙනාම දවාලීම මත තරග 6 ක් තිස්සේ ලබගත නොහැකි වූ ජයග්‍රහණය ගාල්ලට රැගෙන ඒමට දුවිඳු සමත්වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය  මෙහෙයවන නැෂනල් සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 33.4කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 125 හඹා ගිය දඹුල්ල කන්ඩායම කඩුලු පහකට ලකුණු 126 ක් ලබා පහසුජයක් වර්තා කළේය. දඹුල්ල පිල ඉදිරියේ තරගයේ ජය සනිටුහන් වන විට තවත් පන්දු 151ක් ඉතිරිව තිබිණ.

ඉලක්කය කරා යද්දි හයවන කඩුල්ල වෙනුවෙන්  පන්දු 60කදි  දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 28ක්ද සමීර සඳමාල් නොදැවී ලකුණු 26ක්ද රැස්කරමින් ලකුණු 53ක නොබිඳුණු සම්බන්ධතාවකින් තරගය අවසන් කළහ.ඊට අමතරව අෂාන් ප්‍රියංජන් පන්දු 32කදී  හතරේ හතරක් සමග ලකුණු 31ක්ද නායක මිනොද් භානුක පන්දු 11කදී හතරේ පහරක් සමග ලකුණු 14ක්ද ළහිරු සමරකොන් ලකුණු 13ක් ද (පන්දු 23) රැස් කළහ.

දඹුල්ල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ගාල්ලට පැවරීමෙන් පසු ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් අෂාන් රන්දික (13)  සහ පබසර වඩුගේ (12) සමග අංක තුන පිතිකරු ප්‍රියමාල් පෙරේරා (16) පන්දු වාරයකට ලකුණු පහ බැගින් වන සේ වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සහ ගත්තත් ඔවුන්ගේ දැවී යාමත් සමග කණ්ඩයමේ ලකුණු රැස් කිරිමේ වේගය ද 3.71ක් වන සේ පහත වැටිණි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නගේ පුත් දුවිඳු තිලකරත්න පන්දු යැවීමට කැඳවීමත් සමග ගාල්ල මැද පෙළද කඩා වැටීමෙන් ඉනිමේ පන්දුවාර 33.4කදී පිතිකරුවන් සියල්ල දැවී ගියේ ලකුණු 125කටය.

ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා වූ හිමාෂ ලියනගේ (අංක පහ පිතිකරු) ලකුණු 29ක් පමණක් ලබා ගත්තේ පන්දු 49කදී හතරේ දෙකක් සමගය ඊට අමතරව ප්‍රියමල් පෙරේරා පන්දු 35කදී හතරේ පහරක් සමග ලකුණු 16ක් ද ධනංජය ලක්ෂාන් ලකුණු 12ක්ද රැස් කළහ. මොවුන්ගේ හොඳම සබඳතාව වූයේ හිමාෂ ලියනගේ සහ ධනංජය ලක්ෂාන් තෙවන කඩුල්ලට පන්දු 37කදී රැස් කළ ලකුණු 28 ය.

තරගයේ වීරයා – දුවිඳු තිලකරත්න

ලකුණු පුවරුව

ගාල්ල පන්දුවාර 33.4කදී සියල්ල දැවී 125 යි – ( හිමාෂ ලියනගේ 29,ප්‍රියමල් පෙරේරා 16,අෂාන් රන්දික 13,ධනංජය ලක්ෂාන් 12,පබසර වඩුගේ 12,විෂාඩ් රන්දික 10,අකිල ධනංජය 10,දුවිඳු තිලකරත්න 21/4 ,අෂාන් ප්‍රියංජන් 16/2)

දඹුල්ල පන්දුවාර 24.5කදී කඩුලු පහට 126යි – (අෂාන් ප්‍රියංජන් 31,දුෂාන් හේමන්ත නොදැවී 28,සමීර සඳමාල් නොදැවී 26,මිනොද් භානුක 14,ළහිරු සමරකොන් 13,ධනංජය ලක්ෂාන් 16/1,කවිෂ්ක අංජුල 18/1)

  • බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee