slc
Home   |    News
පෙබරවාරි 5, 2022
පසුපෙළ පිතිකරුවෝ ගෝල් පිලට ජය ගෙනෙති

sinhala editor

කවිෂ්ක අංජුලගේ තුන් ඉරියව් දක්ෂතාවයත් පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කර ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 226 ක ඉලක්කයක් කරා යෑමේදී ගෝල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොළඹට පිලට පන්දුවාර 45.5 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.

තිස්වැනි පන්දුවාරය වනවිට ගෝල් පිලේ පිතිකරුවන් අටදෙනෙකුම ලකුණු 103කට දවාලමින් තරගය ඉක්මණින් නිම කරන තත්ත්වයක් පෙන්නුම් කළත් අවසන් පිතිකරුවන් තිදෙනා එක්ව පිතිකරුවන්ගේ කාර්යයද ඉටුකර ලකුණු 225 දක්වා ලකුණු රැස්කරමින් පසුව පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත්වීම ගෝල් ජයග්‍රහණයේ රහස බවට පත්විය.

නොදැවී ලකුණු 27ක් රැස්කළ ගෝල් අවසාන (අංක 11 පිතිකරු) චලන ද සිල්වා පසුව ලකුණු 27කට කඩුලු තුනක් දවා තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය.

ගෝල් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද ඉනිමේ පන්දුවාර 29.2ක් වනවිට ලකුණු 103කට පිතිකරුවන් අටදෙනෙකුම දැවී කණ්ඩායම පත්වූයේ අසීරු තත්ත්වයකටය.

කණ්ඩායමේ අංක 09 පිතිකරු කවිශ්ක අංජුල (75) අංක 10 පිතිකරු අකිල ධනංජය (22) සහ අංක 11 සහ අවසාන පිතිකරු චලන ද සිල්වා (නොදැවී 27) අවසාන කඩුලු දෙක වෙනුවෙන් ලකුණු 122ක් රැස්කිරීමෙන් ගෝල් කණ්ඩායමට ලකුණු 225ක් වැනි සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි. පන්දු යවන්නන් ලෙස කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවන්ගේ කාර්යය මොවුන් ඉටුකළේ දක්ෂ අයුරිනි.

ගෝල් නවවන කඩුල්ලට කවිශ්ක අංජුල සහ අකිල ධනංජය පන්දු 54කදී ලකුණු 58ක්ද දසවන සහ අවසාන කඩුල්ලට කවිශ්ක අංජුල සහ චලන ද සිල්වා පන්දු 65කදී ලකුණු 64ක්ද ලබාගත්තේ ප්‍රවීණ පිතිකරුවන් විලසිනි. මොවුනගේ දක්ෂතාව මත කණ්ඩායමේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දුවාරයකට 4.57ක් බවටද පත්විණි. මොවුන් තිදෙනා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන්ද විණි.

කවිශ්ක අංජුල පන්දු 73කදී හතරේ නවයක් හයේ පහරක් සමඟ ලකුණු 75ක්ද, චලන ද සිල්වා පන්දු 30කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 27ක්ද නායක අකිල ධනංජය පන්දු 26කදී හතරේ දෙකක් සමඟ ලකුණු 22ක්ද රැස්කළේ කණ්ඩායම සිටි තත්ත්වයෙන් ඔසවා තබමිනි.

ගෝල් පන්දුවාර 49.1කදී සියල්ල දැවී 225යි – (කවිශ්ක අංජුල 75, චලන ද සිල්වා නොදැවී 27, අකිල ධනංජය 22, ජෙහාන් ඩැනියල් 20, මොහොමඩ් ෂමාස් 20, කළණ පෙරේරා 46/2, හිමේෂ් රාමනායක 51/2, ළහිරු මධුශංඛ 18/2, තරිඳු රත්නායක 64/2)

කළම්බු පන්දුවාර 45.5කදී 181යි – (දිමුත් කරුණාරත්න 42, ළහිරු මධුශංඛ 43, නිපුන් ධනංජය 26, අෂේන් බණ්ඩාර 17, තරිදු රත්නායක 16, චලන ද සිල්වා 27/3, ප්‍රියමාල් පෙරේරා 9/2)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest