By Bandula Molligoda
අන්තර් සමාජ ප්‍රධානතම නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ ගෙවී ගිය සති අන්තයේ පැවැති තරග අතරින් ක්‍රීඩා සමාජ හතරක් පූර්ණ තරග ජය වාර්තා කිරීමට සමත්වූහ. එලෙස ජය ලැබුවේ යුද හමුදාව, කෝල්ට්ස්, මුවර්ස් සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම්ය.
යුද හමුදාව කඩුලු 9කින් කැන්ඩි කස්ටම්ද පිලද කෝල්ට්ස් ඉනිමකින් හා ලකුණු 141කින් කලුතර නගර කණ්ඩායමද මුවර්ස් ලකුණු 235කින් නාවික හමුදාවද සහ සෙබස්ටියනයිට්ස් ලකුණු 83කින් එස්.එස්.සී ද පරාජයට පත්කළහ.
යුද හමුදාවට කඩුලු 9ක ජයක්
යුද හමුදාව ප්‍රථම ඉනිමේ ලැබු ලකුණු 291ට පිළිතුරු ලෙස කැන්ඩි කස්ටම් පළමු ඉනිමේදී ලබා ගත්තේ 72 ක් පමණකි. කැන්ඩි කස්ටම් දෙවන ඉනිමේදී ද යුද හමුදාවේ අෂාන් රන්දික සහ ලක්ෂාන් ගමගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබා ගත්තේ 228ක් පමණකි.
යුද හමුදාව පළමු ඉනිම 291 යි සහ දෙවන ඉනිම කඩුලු 1ට 10 යි.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම 72 යි සහ දෙවන ඉනිම පන්දුවාර 63.5කදී සියල්ල දැවී 228 යි – ( සජිත් ද සිල්වා 59, අවිශ්ක හරින්ද්‍ර 29, සසිත් මනුරංග 26, රුවන් ෆොන්සේකා 25, අෂාන් දිල්හාර 47/4 යි , ලක්ෂාන් ගමගේ 56/3යි)
කෝල්ට්ස් පිලට විශිෂ්ඨ ජයක්
පළමු ඉනිමේදී ලකුණු 330ක් පිටුපසින් සිටි කලුතර නගර කණ්ඩායමට දෙවන ඉනිමේදී ද ලබාගත හැකිවූයේ ලකුණු 179ක් පමණකි. කෝල්ට්ස් කණ්ඩායමේ කවිඳු අවන්ත දෙවන ඉනිමේදී ලකුණු 141කින් ජයගනී.
පළමු ඉනිමේදී ලකුණු 330ක් පිටුපසින් සිටි කලුතර නගර කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 179ක් පමණකි. කෝල්ට්ස් කණ්ඩායමේ කවිඳු අවන්ත දෙවන ඉනිමේදී ලකුණු 43කට කඩුලු පහක්ද රොහාන් සංජය ලකුණු 63කට කඩුලු හතරක්ද දවාලූහ.
කලුතර නගර කණ්ඩායම පළමු ඉනිම 125යි සහ දෙවන ඉනිම පන්දුවාර 70කදී සියල්ල දැවී 179යි – (අම්රිත් කෝල් 46, ඉසුරු සඳමාල් 30, රොමේෂ් නල්ලපෙරුම 26, කවිඳු අවන්ත 43/5, රොහාන් සංජය 63/4)
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 2ට 445 – (රවිඳු රසන්ත නොදැවී 224, අවිශ්ක පෙරේරා 172යි)
මුවර්ස් ලකුණු 235කින් ජයගනියි
මුවර්ස් කණ්ඩායමේ තිෂාන් විනුෂාන් (55/5) සහ මිලාන් රත්නායක (19/3) දක්ෂ පන්දු යැවීම හමුවේ නාවික හමුදා දෙවන ඉනිමද ලකුණු 114කට සීමාවී ඔවුනට ලකුණු 235ක පරාජයක් අත්විය.
මුවර්ස් පළමු ඉනිම 263යි සහ දෙවන ඉනිම පන්දු වාර 56.4කදී කඩුලු 9ට 229යි – (ජනෂ්ක පෙරේරා 150, පසිඳු සූරියබණ්ඩාර 27, සුදාර දක්ෂිණ 87/5)
නාවික හමුදාව පළමු ඉනිම 143යි සහ දෙවන ඉනිම පන්දුවාර 38.3කදී 114යි – (භාග්‍ය එදිරිවීර 48, තීෂාන් විතුෂාන් 55/5, මිලාන් රත්නායක 19/3)
එන්.සී.සී. – බ්ලූම්ෆීල්ඩ් විසඳුමකින් තොරයි
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේදී ලකුණු 265ක් අවශ්‍ය වූ අතර ඔවුන් කඩුලු 7කට ලකුණු 227ක් ලබා සිටියදී තරගය නිමවූයේ ජය පරාජයෙන් තොරවය. බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිමේදී දේව් අතුකෝරල (62) සහ කවින් නරේෂ් (51) අර්ධ ශතක ලබා තම කණ්ඩායම පරාජයෙන් ගලවාගත්හ.
එන්.සී.සී පළමු ඉනිම කඩුලු 9ට 418යි
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 154යි සහ දෙවන ඉනිම පන්දුවාර 104කදී කඩුලු 7ට 228 යි – (දේව් අතුකෝරල 62, කවින් නරේෂ් 51, චෙහාන් කළිඳු 38, යුගීෂ් දිෂාන් 75/3)
බී.ආර්.සී – ගාල්ල ජය පැරැදුමෙන් තොරව නිමවෙයි
ගාල්ල කණ්ඩායමට මේ තරගයෙන් ජය ගැනීමට දෙවන ඉනිමේදී ලකුණු 186ක් අවශ්‍ය වුවත් දිනය නිමවන විට ඔවුන් කඩුලු තුනකට ලකුණු 172ක් පමණක් ලබාසිටි හෙයින් තරගය ජය පැරැදුමින් තොරව නිමවිය.
බී.ආර්.සී පළමු ඉනිම 191යි සහ දෙවන ඉනිම පන්දු වාර 85කදී 362යි – (හිරන්ත ජයසිංහ 90, කවිඳු එදිරිවීර 47, හරීන් බුද්දිල 106/5)
ගෝල් පළමු ඉනිම 367යි සහ දෙවන ඉනිම පන්දු වාර 40කදී කඩුලු 3ට 172යි – (තරිඳු අමරසිංහ 69, දුලාෂ් උදයංග නොදැවී 76, කවිඳු එදිරිවීර 19/2යි)
පානදුර – බදුරලිය තරගය ජය පැරදුමින් තොරව නිමවෙයි
බදුරලියට මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේදී ලකුණු 212ක් අවශ්‍ය වූවත් ඔවුන් තරගය නිමවන විට ලකුණු 319ක් ලබාසිටි හෙයින් තරගය ජය පැරැදුමින් තොරව නිමවිය.
බදුරලිය පළමු ඉනිම 249යි දෙවන ඉනිම පන්දුවාර 78.5කදී 319 යි – (මළිඳු මදුරංග 103, රවිශ්ක විජේසිරි 69, ශෂික නිර්මාල් 79/4යි)
පානදුර පළමු ඉනිම පන්දුවාර 123.2කදී කඩුලු 9ට 460 යි– (කෝසල රවිඳු 152, ශෂික නිර්මාල් 90, තරිඳු වික්‍රමසිංහ 120/5යි)
කුරුණෑගල තරුණ – හලාවත මේරියන්ස් විසඳුමක් නෑ
කුරුණෑගල යූත් දෙවන ඉනිමේදී කඩුලු 8කට ලකුණු 322ක් රැස් කිරීම මත ඔවුනට මේ තරගය ගෞරවනීය අන්දමින් ජය පැරැදුමින් තොරව නිම කිරීමට අවස්ථාව උදාවිණි.
කුරුණෑගල යූත් පළමු ඉනිම 180යි සහ දෙවන ඉනිම කඩුලු 8ට 322යි පන්දුවාර 105- (මතිෂ වික්‍රමසිංහ 86, රිසී අදිෂ්ට 86, ෂෙහාන් බණ්ඩාර 46,ෂොෂාන් සිල්වා 41/3, රවීන් යසස් 84/3යි)
හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දු වාර 86කදී කඩුලු 6ට 334යි – ( සුඛිත මනෝජ් 100යි, හරිඳු ජයසේකර 85, ප්‍රවීන් රාමයියා 36/2යි)
සී.සී.සී – ගුවන් හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ඉනිමේදී කඩුලු 8කට ලකුණු 301ක් ලබා ප්‍රබල අයුරින් නැවත තරගයට අවතීර්ණ වීම මත ඔවුනට මේ තරගය ජය පැරැදුමින් තොරව කෙළවර කර ගැනීමට අවස්ථාව උදාවිණි.
ගුවන් හමුදාව පළමු ඉනිම 129යි සහ දෙවන ඉනිම පන්දු වාර 115කදී කඩුලු 8ට 301යි – (දනුජ ඉඳුවර 89, කළිඳු සිරිවර්ධන 69, හෂාන් විමුක්ති 53, මොවින් සුබසිංහ 50, පවන්ත වීරසිංහ 56/4, දුවිඳු රණතුංග 38/2)
සී.සී.සී පළමු ඉනිම පන්දුවාර 98.3කදී සියල්ල දැවී 369 – (පවන්ත වීරසිංහ නොදැවී 200, චමිඳු විජේසිංහ 49, කෙමිර විජේනායක 49/3යි)
සෙබස්තියනයිට්ස් ලකුණු 83 ක ජයක් ලබයි
එස්.එස්.සී කණ්ඩායමට මේ තරගයෙන් ජය ගැනීමට ලකුණු 300ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් දෙවන ඉනිමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 217ක් පමණකි.
සෙබස්තියනයිට්ස් මුල් ඉනිම 221යි සහ දෙවන ඉනිම පන්දුවාර 87.5කදී 287යි – (සඳුන් ප්‍රනාන්දු 122, විසලල් සිල්වා 36, හිමේෂ් රාමනායක 58/3)
එස්.එස්.සී පළමු ඉනිම 208යි සහ දෙවන ඉනිම පන්දුවාර 45.1කදී 217යි – (ලක්ශාන්ත මනසිංහ 99, කවිඳු නදීෂාන් 41, ටෙහාන් සාෆ්ටර් 36/6)