slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2022
මාලිංගගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ඨයි – දසුන් ශානක

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 3 ක් ඉතිරිව තිබියදී කුසල් මෙන්ඩිස් හට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබේ. නිමාවට පත් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුණු දකුණත් ආරම්භක පිතිකරුවාගේ සේවය කණ්ඩායමට අහිමිවීම දැඩි පාඩුවකි. එහෙත් වර්තමාන විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව ආරම්භ වන තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින දසුන් ශානක පවසා සිටින්නේ ලෝක ශූරයින් වීමේ ගරුත්වයක් ඔස්ට්‍රේලියානු පිලට තිබෙන නමුත්,  දක්ෂතාවයෙන් උපරිමයට ළඟා වූ ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායම සතු වන බැවින් ඔවුන්ව පරාජයට පත් කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු බවයි.

“ඇත්තටම ජාත්‍යන්තර තරගයක් කියන්නේ අභියෝගයක්. නමුත් අපිට හැකියාවක් තියෙනවා ඔවුන්ව පරාජයට පත් කරන්න” යැයි සඳහන් කරන ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා, “ඔවුන් ලෝක ශූරයින්. ඒකෙ ගරුත්වය අපි ඔවුන්ට ලබා දෙනවා. නමුත් අපිත් එක්කත් හැකියාව උපරිම මට්ටමට ළඟා වෙච්ච ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට එරෙහිව හොඳ තරගාලියක් ලබාදීලා තරග ජයග්‍රහණය කරන්න” යනුවෙනි.

දෙරට අතර තරගාරම්භයට පෙර තාක්ෂණික සහාය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා ඉහත අදහස් පළ කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි දසුන් ශානක, ජාත්‍යන්තර තරග පිටියේ සාර්ථක වාර්තාවන් රැසක් සහිත ලසිත් මාලිංග පන්දු යවන උපදේශකවරයකු ලෙසින් කණ්ඩායම සතුවීම කණ්ඩායමට ලොකු ශක්තියක් වන බවද සඳහන් කර සිටියේය.

“ඇත්තටම මාලිංගගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ඨයි. මොකද ඒ වගේ ඉහළ මට්ටමකට ගිය දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ක්‍රීඩකයින්ට ගන්න තියෙන එක තමයි වටිනාම දේ. මොකද ඔහු ගොඩක් අවස්ථාවන්වලදී තරග හොඳින් හසුරුවලා, නායකයෙක් විදියට සාර්ථක වාර්තාවක් තබා සිටින ක්‍රීඩකයෙක්. ඒක කණ්ඩායමට ලොකු ශක්තියක්. අපේ පන්දු යවන්නන් ඒ ඒ තත්ත්වයන්වලදී පන්දු යවන විදිය ඔහුගෙන් ඉගෙන ගනිවී. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්” යැයි දසුන් පවසයි.

මෙම අදහස් දැක්වීමේදී කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් විසින් සිදුකිරීමට නියමිත බවද ශ්‍රී ලංකා නායකයා කරුණු හෙළිකර සිටියේය. කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය පිළිබඳව සිදුකරන ලද විමසීමේදී ඒ බව දසුන් සඳහන් කර සිටියේය.

“අපිට කඩුලු රකින්නන් තුන්දෙනෙක් කන්ඩායම තුළ ඉන්නවා. කුසල් මෙන්ඩිස්ට අමතරව දිනේෂ් චන්දිමාල් සහ කමිල් මිශාර. කොවිඩ් නිසා කුසල්ට පළමු තරගයට ක්‍රීඩා කරයිද් කියන එක 100% ක් විශ්වාස කරන්න බෑ. එතැනදි මම හිතනවා ගොඩක් දුරට කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් විසින් සිදුකරයි කියලා” යැයි දසුන් සඳහන් කර සිටියි.

මෙහිදී කොවිඩ් ආසාධනය වී සුවය ලබා සිටින චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර මේ වන විටත් කණ්ඩායම සමඟ එකතුව සිටින අතර නීරෝධායන කාල සීමාව වූ දින 3 ක කාලය අවසන් වූ වහාම ඔවුන් සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ඒ අතරතුර කාලයේදී ඔවුන් තරගයකට ක්‍රීඩි කිරීම සඳහා සූදානම්ද යන්න පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මේ අතර ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ වන බැවින්, මෙහි තණතීරු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම තරගාවලිය වැදගත් කාර්යය භාරයක් ඉටු කරනු ලබන බවද දසුන්ගේ අදහස වී තිබේ.

“පිතිකරුවන්ට විදියට හොඳින් ලකුණු අතරට ඇවිල්ලා විශ්වාසයක් ගොඩ නඟාගෙන මේ තරගාවලිය ඉතාමත් වැදගත්. පන්දු යවන්නන්ටත් එසේමයි. මොකද ඔවුන් මේ තරගාවලියේදී අධ්‍යයනයකට එනවා පන්දු යවන්න ඕන සීමාවන් මොනවද, ඒ අවස්ථාවන්වලදී මොනවද කරන්න ඕන කියන දේවල් ගැන. ඉතිං ඒ වගේ දෙයකින් මේ තරගාවලියේදී හොඳ අවබෝධයක් ලබා ගගන්න පුලුවන්. එය මම දකින්නො ධනාත්මක දෙයක් විදියට” යැයි දසුන් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee