slc
Home   |    News
පෙබරවාරි 15, 2022
වනිඳු හසරංගටත් කොවිඩ් ආසාධනය වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයට පෙර සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී (රැපිඩ් ඇන්ටිජන්ට්) ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ.

එම පරීක්ෂණයෙන් පසු වනිඳුව කණ්ඩායමෙන් ඉව්ත කොට වෛද්‍ය ප්‍රතිකාර යටතේ නීරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට වනිඳු හසරංගට අහිමිවනු ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු තරග 2 ම ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පන්දුවෙන් දස්කම් දැක්වීමට වනිඳු සමත්වූවේය. ලොව විස්සයි-20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ අංක 1 ස්ථානයේ පසුවන දකුණත් පාදඟ පන්දු යවන්නා පළමු තරගයේදී ලකුණු 38 කට කඩුලු 3 ක්ද දෙවැනි තරගයේදී ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest