slc
Home   |    News
පෙබරවාරි 20, 2022
ශ්‍රී ලංකාව ලෝක ශූර ඔස්ට්‍රේලියාව පරදවයි

sinhala editor

පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ලකුණු අතරට පැමිණීමට සමත්වීමත් පන්දු යවන්නෝ සිය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගෞරවාන්විත තරගාවලි පරාජයක් ලැබීම සඳහා ජයග්‍රහණය අත්‍යවශ්‍යම වූ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමග දෙරට අතර තරගාවලිය 4-1 ක් ලෙස ඔස්ට්‍රේලියානු පිල ජයගත්තේය.

පළමු තරග 4 දී ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ කණ්ඩායම් කලමනාකාරීත්වය අද තරගයේදී නවක ක්‍රීඩකයින් දෙදෙනකු වන ජනිත් ලියනගේ සහ කමිල් මිශාරට එක්දින වරම් හිමිකර දෙමින් වෙනස්කම් 3 ක් සමඟින් අවතීර්ණ වද්දී ශ්‍රී ලංකා නායකයා අද දිනයේදීද කාසියේ වාසියන් පරාජයට පත්විය. ලද වාසියෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි සත්කාරකයින්ව නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 154 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබිණ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී මුලු ලකුණු සංඛ්‍යාව 71 ක්ව තිබියදී ශ්‍රී ලංකාවට සිව්වැනි කඩුල්ලත් අහිමිවිය. ඒ අතර අද දිනයේදී එක්දින වරම් දිනාගත් කමිල් මිශාර (01) සහ ජනිත් ලියනගේ (8) ද පසුවූ අතර ඔවුන් දෙදෙනාම දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී ගියහ.

9 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 66 කදී ලකුණු 84 ක් විය. එහිදී කුසල් මෙන්ඩිස්ට එක්වූ ශ්‍රී ලංකා නායකයා දුර්වල පන්දු දුටු විගස පහර එල්ල කරමින් ක්‍රම ක්‍රමයෙන් ඉලක්කය වෙත ළඟා වූවේය. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් උපක්‍රමශීලීව පන්දු යැවීම නිසා අවසන් පන්දු 18 දී ජයග්‍රාහී ඉලක්කය ලකුණු 10 කට වඩා වැඩි හෙවත් ලකුණු 28 ක් විය. පිතිකරණයේදී තමන් සතු අත්දැකීම්ද සමඟ පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් ස්කූප් පහර, ස්ලොග් ස්වීප් පහර එල්ල කරමින් අවසන් පන්දුවාරයේදී ඉලක්කය ලකුණු 9 ක් තරම් අවම තත්ත්වයකට ගෙන ආවේය.

අවසන් පන්දුවාරය යැවූ කේන් රිචර්ඩ්සන්ගේ පළමු පන්දු 3දී දැවැන්ත හයේ පහරක්ද සමග ලකුණු 8 ක් රැස් කරගත් ශ්‍රී ලංකා නායකයා ජයග්‍රහණයට ලකුණක්ව තිබියදී කඩුල්ල අහිමි කරගත්තේය. එහෙත් ඊළඟ පන්දු දෙකට මුහුණ දීමට පැමිණි චාමික කරුණාරත්න මිඩ්විකට් කළාපය වෙත පන්දුව යොමු කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ කළේය. ඒ වන විටත් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අනෙක් අන්තයේ තම කඩුල්ල ආරක්ෂා කරගනු ලැබුවේ පන්දු 58 කදී ලකුණු 69 ක් ලබා ගනිමිනි. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් කුසල්ගේ ඉනිමට ඇතුළත් වද්දී නායක දසුන් ශානක පන්දු 31 කදී ලකුණු 35 ක් ලබා ගත්තේය. ඊට එල්ල කරන ලද හයේ පහර 2 ක්ද ඇතුළත් විය.

ලකුණු පුවරුවේ 82 ක්ව තිබියදී පස්වැනි කඩුල්ලද දවා ගනිමින් පීඩනය තර කිරීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වද්දී 6 වැනි කඩුල්ලට එක්වූ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් සහ ඩැනියෙල් සෑම්ස් (18) වේගවත් ලකුණු 64  සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව රැගෙන යෑමේ වගකීම් ඉටු කළහ. පන්දු 36 කදී ගොඩනැංවුණු එම සම්බන්ධතාවයේදී වෙඩ් පන්දු 27 කදී නොදැවී ලකුණු 43 ක් රැස් කරන ලද්දේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගනිමිනි. වේගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 දී ලකුණු 57 ක් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ. අද දිනයේදී මංගල වරම් දිනාගත් 20 හැවිරිදි කමිල් මිශාර දිගින් දිගටම අසාර්ථක වුණු ධනුෂ්ක ගුණතිලක වෙනුවටත්, 26 හැවිරිදි ජනිත් ලියනගේ දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයටත් ආදේශ වද්දී ජෙෆ්රි වැන්ඩර්සි වෙනුවට අවසන් 11 දෙනා අතරට පැමිණීමට ප්‍රවීන් ජයවික්‍රම විශ්වාසය දිනාගෙන තිබිණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest