slc
Home   |    News
පෙබරවාරි 15, 2022
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක්

sinhala editor

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ අවසානයත් සමඟ ඉන්දියාවට එරෙහිව තරග සංචාරයකට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට පෙබරවාරි මස 24 වැනිදා සහභාගිවනු ඇත. මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව විස්සයි-20 තරග 3 කටත් ටෙස්ට් තරග 2 කටත් සහභාගිවනු ඇත.

ලක්නව්හිදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින්  පෙබරවාරි 26 සහ 27 යන දෙදින ධර්මසාලාහිදී පැවැත්වෙනු ඇත.

ඉන් අනතුරුව ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග සංචාරය මාර්තු මස 04 වැනිදා සිට 08 වැනිදා දක්වා මොහාලිහිදීත් දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා සිට 16 වැනිදා දක්වා බෙංගලාරුහිදීද පැවැත්වේ. එම තරග සංචාරය යටතේ බෙංගලාරුහිදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest