slc
Home   |    News
පෙබරවාරි 4, 2022
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මග’ යටතේ කලුතර සහ ගම්පහටත් ක්‍රිකට් ආම්පන්න

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන කනිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් අද (පෙබරවාරි 02) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 650 කට ක්‍රිකට් භාණ්ඩ බෙදාදෙනු ලබන මෙම වැඩසටහන යටතේ අද දිනයේදී කලුතර දිස්ත්‍රික්කයේ පාසල් 36 කටත් ,ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 43 කටත් ප්‍රදානය කෙරිණ. මෙහි මූලික අදියර ඉකුත් ජනවාරි මස 28 වැනි දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී කොළඹ දිස්ත්‍රික්කයට අයත් බාලක පාසල් 66 ක් සහ බාලිකා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 50 කට උපකරණ බෙදාදීම සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදා ගකරලීමේ උදාරතර පරමාර්ථයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය සිදුකරනු ලබයි. ක්‍රීඩා භාණ්ඩ වලට අමතරව ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති පාසල් වල කොන්ක්‍රීට් විකට්ටු 200 ක්, පැති පුහුණු තණතීරු 50 ක්, ප්‍රධාන තණතීරු 25 ක්, තලන යන්ත්‍ර 300 ක් සහ ලණු පැදුරු (මැටින්) 400 ක් (ජ්‍යෙෂ්ඨ 200 ක් සහ කනිෂ්ඨ 200 ක් වශයෙන්) ලබාදීමට මේ වන විටත් පියවර ගෙන තිබේ.

අද බෙදා දෙන ලද ක්‍රිකට් උපකරණ බෑගයට, ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් ඇතුළත්ය.

මෙම වැඩ සටහනෙහි ඉතිරි පාසල් සඳහා වූ උපකරණ බෙදා දීම් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීමට ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ඉහතින් සඳහන් කරන ලද ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට පියවර ගෙන තිබේ.

“ශම්මි සිල්වා මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පාසල් අංශය, පුහුණු අංශය, පරිපාලනය අංශය ඉතාමත් හොඳට කරගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළට විශාල සහයෝගයක් ලබාදෙනවා. මං හිතන්නේ ඒ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණවලට යන්න පුලුවන් මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ” යැයි” යැයි මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියේය.

මෙම අවස්ථාවට සහභාගිවූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහත්වරුන්ට අමතරව, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති සහ පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගිවිය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුද මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට සහභාගිවූහ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest