slc
Home   |    News
පෙබරවාරි 15, 2022
ශ්‍රී ලංකා පිලට දඩයක්

sinhala editor

ඔස්ට්‍රේලියවට එරෙහිව සිඩ්නිහිදී ඉරිදා (13 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී  නියමිත කාලය තුළ නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.

නියමිත පන්දුවාර 20 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාරයක කාලයක් ඒ සදහා ගත කිරීම මත දසුන් ශානක ඇතුළු පිරිවරට එරෙහිව එම දඩ මුදල පැනවීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් බූන් මහතා පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් සහ සහායක කාර්යය මණ්ඩලය සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලය ඇතුළත පන්දුයැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% ක මුදලක් දඩ වශයෙනි නියම කෙරේ.

මීට අමතරව තරගය අතරතුරදී අසභ්‍ය වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකටද අවවාද කිරීමට තරග තීරකවරයා කටයුතු යොදා තිබේ. පන්දුවට පහර දෙමින් සිටින අතුතරුදී පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ නොවැදුණු අවස්ථාවේදී නුසුදුසු වචනයක් පැතුම්ගේ මුවින් පිටවීම එම අවවාද කිරීම ලබාදීමට හේතුවී තිබේ. තවද ඔහුගේ පෞද්ගලික විනය ගිණුමට දඬුවම් ලකුණක්ද ලබාදීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

මෙම තරගයේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ ඩොනොවන් කෝච්, රොඩ් ටකර්, ශෝන් ක්‍රෙග් සහ ජෙරඩ් ඇබූඩ් යන මහත්වරුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ. ඒ වෙනුවෙන් පැවැති පරීක්ෂණයේදී කණ්ඩායම් නායක දසුන් ශානක සහ පැතුම් නිස්සංක වරද පිළිගැනීම මත වැඩිදුර පරීක්ෂණයකින් තොරවම එම පරීක්ෂණය අහවර කිරීමට පියවර ගනු ලැබූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී සිටියි.  

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest