slc
Home   |    News
පෙබරවාරි 18, 2022
සිව්වැනි තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළි යළිත් අසාර්ථක වීම හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (18 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 කින් ජයගත් ඔස්ට්‍රේලියානුවෝ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සඳහා වැඩි ඉඩ කඩක් වෙන් කර ගත්තේය. දෙරට අතර ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් තරගයෙන්ද ඔස්ට්‍රේලියානු පිලට අභීයෝගයක් ලබා දෙමින් තරගය ජය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වුවහොත් 5-0 ක තරගාවලි පරාජයකට මුහුණදීමට සිදුවනු ඇත.

ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී පහසුවෙන්ම සපුරාගන්නා විට තවක් කඩුලු 6 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. ලකුණු හඹා යෑම ආරම්භයේදී ලකුණු 13 ක් ඇතුළත බෙන් මැක්ඩර්මට් සහ නායක ඒරන් ෆින්ච් දවා ගැනීම හැරෙන්නට ශ්‍රී ලංකාවට යළි සැනසීමක් ලබා ගැනීමේ අවකාශ අහිමිවිය. ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමේදී පන්දුවට පහර දුන් ග්ලෙන් මැක්ස්වෙල්ට සිය පෞද්ගලික කඩඉම වූ අර්ධ ශතකය සඳහා ලකුණු 6 ක් ලබා ගත යුතු වුවත් එම උත්සාහයේදී ඔහුට ලකුනු 48 කින් සෑහීමකට පත්වීමට සිදුවිය.

නුවන් තුෂාර වෙනුවට අද තරගයට ක්‍රීඩා කළ ළහිරු කුමාර සිය පන්දුවාර 4 දී ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගනිද්දී මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 ලකුණු 20 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත්තේය. මොවුන් දෙදෙනා ග්‍රහණය වැඩි කළද සෙසු පන්දු යවන්නන්ගෙන් ලකුණු ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් උත්සුකවීම නිසා ජයග්‍රහණය පහසු එකක් කරවීය.

පැතුම් නිස්සංකත් චරිත් අසලංකත් සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා 16 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට 110 ක් ලෙසින් ශ්‍රී ලංකා පිල පසුවිය. එහෙත් අවසන් පන්දුවාර 3 දී ලකුණු වේගය රඳවා ගැනීමට ගත් උත්සාහයේදී 20 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 122 කට කඩුලු 8 ක් ලෙසිනි. අවසන් පන්දුවාරය යවන ලද කේන් රිචර්ඩ්සන් හමුවේ හතරේ පහර 2 ක් සහ හයේ පහරක් එල්ල කළ චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සි ශ්‍රී ලංකා ලකුණු පුවරුව 140 කඩඉම වෙත රැගෙන ආහ.

වගකීම් විරහිත පහරක් එල්ල කිරීම හේතුවෙන් පිට පිටම සිව්වැනි වතාවටත් අසාර්ථක වෙමින් ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් ලෙසින් සටහන් විය. ඇෂ්ටන් ඒගර්ගේ දඩයමක් ලෙසින් ගුණතිලක පිටව යද්දී එකම පිතිකරුවකුට හෝ හතරේ පහර එල්ල කිරීමට සිය පන්දුවාර 4 දී ඔහු අවස්ථාව ලබා නොදුන්නේය. ඔහුගේ පන්දුවාර 4 දී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණ      14 ක් පමණි.

කෙසේ වෙතත් යළිත් ධෛර්යවන්ත පිතිහරඹයක නියැළි පැතුම් නිස්සංක පන්දු 40 කදී ලකුණු 46 ක්ද කුසල් මෙන්ඩිස් පන්දු 21 කදී ලකුණු 27 ක්ද සහ චරිත් අසලංක පන්දු 19 කදී ලකුණු 22 ක් වශයෙන් ලකුණු 20 කඩඉම ඉක්මවාලූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදි කඩුලු 8 ට ලකුණු 139 යි – (පැතුම් නිස්සංක 46, ධනුෂ්ක ගුණතිලක 17, කුසල් මෙන්ඩිස් 27, චරිත් අසලංක 22, දිනේෂ් චන්දිමාල් 02, දසුන් ශානක 01, චාමික කරුණාරත්න 14*, දුෂ්මන්ත චමීර 01, මහීෂ් තීක්ෂණ 03, ජෙෆ්රි වැන්ඩර්සි 05*, ජායි රිචර්ඩ්සන් 20/2, කේන් රිචර්ඩ්සන් 44/2)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 18.1 කදී කඩුලු 4 ට ලකුණු 143 යි – (ග්ලෙන් මැක්ස්වෙල් 48*, ඇෂ්ටන් ඒගර් 26, බෙන් මැක්ඩර්මට් 09, ආරොන් ෆින්ච් 02, ජොෂ් ඉංග්ලිෂ් 40, මාර්කස් ස්ටෝයිනිස් 08*, ළහිරු කුමාර 22/2, දුෂ්මන්ත චමීර 33/1, මහීෂ් තීක්ෂණ 20/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest