slc
Home   |    News
පෙබරවාරි 8, 2022
NSL අවසන් මහ සටනට සුදුසුකම් ලබන්න සිව්කොන් සටනක්

sinhala editor

නැෂනල් සුපර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්වීමත් කලම්බු කණ්ඩායම විසින් දඹුල්ල පිල පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වීමත් සමඟ නැෂනල් සුපර් ලීග් 2022 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීම සිව්කොන් සටනක් බවට පත්ව තිබේ.

අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (08 දා) අවසන් වුණු තරගයේ ජයත් සමඟ කැන්ඩි පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණ සිටියි. මූලික වටය යටතේ තරග 5 කට පමණක් ක්‍රීඩා කර ඇති කැන්ඩි කණ්ඩායම බෝනස් ලකුණද සමඟ මේ වන විටත් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 කි. තරග 6 කට සහභාගිව ජයග්‍රහණ 4 ක් වාර්තා කරගෙන සිටින ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 18 ක් ලබමින් දෙවැනි ස්ථානයේද තරග 6 කට සහභාගිව ජයග්‍රහණ 3 ක් ද සමඟ කලම්බු පිල තෙවැනි ස්ථානයේදී රැදී සිටිති. තරග 5 කදී ජයග්‍රහණ 3 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටින ගෝල් කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටිති.

කෙසේ වෙතත් තෙවැනි සහ සිව්වැනි ස්ථානවල රැඳී සිටින කලම්බු සහ ගෝල් කණ්ඩායම් වලට අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග සියල්ලම ජය ගැනීම අනිවාර්යය වී තිබේ. එහිදී කලම්බු පිලට තරග 2 ක් සහ ගෝල් පිලට තරග 3 ක් ඉතිරිව තිබේ. ඒ අනුව අවසන් මහ සටනට සුදුසකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට කලම්බු පිලට අවශ්‍ය වන්නේ නම් කැන්ඩි පිලට එරෙහිව ලබන 10 වැනිදා පල්ලකැලේ පැවැත්වීමට නියමිත තරගයේ ජය කලම්බු පිලට අනිවාර්යය වේ.

කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් මේ වන විටත් ජයග්‍රහණ 4 ක් ලබා ගනිමින් පළමු ස්ථාන දෙකෙහි පසුවන බැවින් ඔවුන්ට බොහෝ විට තව එක් තරගයක් පමණක් ජයගැනීම ප්‍රමාණවත් වනු ඇත. කෙසේ වෙතත් ඒ සියල්ල රඳා පවතිනුයේ කලම්බු පිල සහ ගෝල් කණ්ඩායම ඉදිරි තරග වලදී දක්වනු ලබන දස්කම් මත වේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest