slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2022
නුවනිඳුගෙන් තවත් ශතකයක්

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි වතාවටත් ශතකයක් වාර්තා කිරීමට කලම්බු පිලේ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී කැන්ඩි පිලට එරෙහිව එම ශතකය නුවනිඳු වාර්තා කළේය. ඒ අනුව මෙම නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ශතක 2 කට හිමිකම් කී එකම පිතිකරුවා බවට නුවනිඳු ප්‍රනාන්දු පත්විය.

අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි දුවිනිඳු, මුහුණ දුන් 124 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 133 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා අද දිනයේදී රැස් කරන ලද ලකුණු 112 සඳහා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. කලම්බු පිල අවසන් වරට සහභාගිවුණු දඹුල්ල පිලට එරෙහි තරගයේදීද නුවනිඳු ශතකයක් වාර්තා කර ගත්තේය. පන්දු 65 කදී අර්ධ ශතකය ඉක්මවා ගිය දකුණත් පිතිකරුවා පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන්නේය.

මෙම ශතකය ප්‍රදාන කොට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමටද නුවනිඳු සමත්විය. තරග 6 කට ක්‍රීඩා කළ නුවනිඳු ලකුණු 328 ක් ලබා සිටින්නේ ශතක 2 ක් සහ අර්ධ ශතකයක් තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. අද දිනයේදී රැස් කරන ලද ලකුණු 112 වැඩිම ලකුණු ලෙසින් සටහන් වද්දී ඉනිමක සාමාන්‍ය 54.66 ක් ලෙස නුවනිඳු සටහන් කරගෙන සිටියි.

නුවනිඳුගේ ශතකය මෙවර තරග වාරයේ වාර්තා වුණු 5 වැනි ශතකය වූ අතර මීට පෙර ඕෂද ප්‍රනාන්දු (138), ධනංජය ද සිල්වා (102), සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ. නුවනිඳුගේ ඉනිම ප්‍රධාන කොට කලම්බු පිල පන්දුවාර 49.3 කදී ලකුණු 271 ක් වාර්තා කර ගැනීමට සමත්විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest